ප්රභාකාරන්ගේ වීර කතා ඇතුලත් සීඩී පට ඇතුලු උපකරණ තොගයක් සොයාගනී..
December 20, 2017 at 6:27 am | lanka C news
කිලිනොච්චිය රාමනාදපුරම් හි යුද සමයේදී පැවති පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් ඇතුලු තවත් පකරණ තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පැවසුවේය.
පැරණි එල්.ටි.ටි.ඊ කඳවුර සහිත භූමිය එහි මුල් අයිතිකරුවන් වෙතට ලබාදීමෙන් අනතුරුව නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමේ හිමිකරු අත්තිවාරම කපමින් සිටියදි ආරක්ෂිත බහාලූමක දමා වළදමා තිබූ සීඩි පට හමුවීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ දැනුම්දීමකට අනුව මෙම සීඩි පට සොයාගෙන තිබේ.
ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය පැවසීය.
මේ අතර ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටද ඒ අතර තිබූ බවට හඳුනාගෙන ඇතැයිද කිලිනොච්චිය පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අම්මටහුඩු! LTTE එකෙන් වැඩිහිටියන්ට පමණක් ඒවත් ගහලද? බලාපල්ලකො මුන් සියළුම ක්ෂේත්ර ආවරණය කරමින් දියුණු වෙන්න උත්සහා කරල තියෙන් හැටි.