ප‍්‍රභූ ආරක්ෂක අංශයේ හිටපු විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසින් අවි ආයුධ තොගයක් අත්අඩංගුවට…

November 28, 2021 at 12:40 pm | lanka C news
ප‍්‍රභූ ආරක්ෂක අංශයේ හිටපු විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසින් අවි ආයුධ තොගයක් අත්අඩංගුවට…

ඇමති ආරක්ෂක අංශයේ අවිගබඩාව භාරව රාජකාරි කර මේ වන විට විශ්‍රාමිකව සිටින පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැලිපැන්න , ගල්මත්ත, නව මාවත ප්‍රදේශයේ නිවසේ තිබී අවි ආයුධ හා පතුරම් තොගයක් සමග එම සැකකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම අවි ආයුධ තොගයේ මිලිමීටර් 9වර්ගයේ රිවෝල්වරයක් , එම වර්ගයේ පතුරොම් ගැබ හතරක් (මැගසින්),විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් , මිලිමීටර් නවය වර්ගයේ පතුරම් 248ක්, සහ තවත් විවිධ වර්ග වල පතුරම් 370 ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් රිවෝල්වරය 2021වසරේදී පොලිස් පරීක්ෂක වරයකුගෙන් සොරකම් කරන ලද ගිනි අවියක් බවත් එම පොලිස් නිලධාරියාගේ රාජකාරිගිනිඅවිය අස්ථානගත වීමෙන් ඔහුගේ වැඩ තහනම් වී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරීන් කියයි . බෝම්බය සහ පතුරම් තොග සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන සිදුකරයි.

මෙම වැටලීම කර අත්අඩංගුවට ගෙන ඇත්තේ 27රාත්‍රියේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සැකකරැ ඝාතනයකර මෙම අවි තොගය කොල්ලකෑමට කළ සැලසුමක් අනාවරණය වීමෙන් බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු පැවසීය.

විශ්‍රාමික සැකකාර පොලිස් පරීක්ෂකවරයා මේ වන විට 75 වියේ පසුවන අයෙකු බවත් ඔහුගේ දරුවන් දෙදෙනකු ඇමරිකාවේ ඉංජිනේරුවරුන් වශයෙන් සේවය කරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

28,580 views

5 Comments to “ප‍්‍රභූ ආරක්ෂක අංශයේ හිටපු විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසින් අවි ආයුධ තොගයක් අත්අඩංගුවට…”

  1. කැලණියේ නයා says:

    දැනට ඔය වගෙ පොඩි පොඩි එව්ව හොයා ගම්මු චන්දයක් කට මුලට ආවම යාපනෙන් කොටි අවි නැගෙනහිරින් හම්බ බෝම්බ හොයා ගම්මු .කැම්පේන් නැතුවම චන්දෙ ගොඩ.

  2. MD says:

    රැකියාව කල ස්ථානය සිහිකරන්න සිහිවටනයක් විධියට යමක් තියාගන්න දෙන්නකො.පොලීසියට පිස්සු ද මන්දා. අනුර සජිත් කල්ලි කියන්නේ මේක රාජපක්ෂ පවුලේ වැඩක් කියලයි.

  3. Kossa says:

    Greediness for money.

  4. ප්‍රභූ ආරක්ශකයෙක්නම් , පුතාල ඉන්නෙ ඇමරිකාවෙනම්……ගව පාලනේ කාලෙ හිටපු කෙනෙක් වෙන්න ඇති…….ශුවර් එකටම පොනිලගෙ සම්බන්දයක් තියෙන කෙනෙක්….

  5. පබිලිස් says:

    අනිවාර්යයෙන් ම ප්‍රසිද්ධ කරන්න .අමරිකාවට ලෙහෙසි යෙන් යන්න බෙහේ ගොට්ට ක් අල්ලනෙ නෙතුව. හොඳ ටම රට පාවාදීල පුතාල දෙන්න රට පටවල නිකන් ම

Main News