ප්රභූ ආරක්ෂකයන් පිරිසක් මහ මග මරණ තර්ජන කරති… ගිනි අවි පෙන්වා වාහනයට තුවක්කුවලින් ගසති..
April 3, 2019 at 6:32 am | lanka C news
ප්රභූ ආරක්ෂකයින් පිරිසක් විසින් තම වාහනයට පහර දී මරණ තර්ජනය කල බවට බොරලැස්ගමුව පොලීසියට පුද්ගලයෙකු විසින් පැමිණිලි කර තිබේ.
වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන උපුල් ද සොයිසා මහතා සඳහන් කරන්නේ ඊයේ පස්වරු 7ට පමණ බොරලැස්රැුමුව හන්දියේදී සිටියදී තම වාහනය හප්පා ප්රභූ ආරක්ෂකයින් පිරිස තමන්ට මරණ තර්ජන කල බවයි.
තුවක්කු පෙන්වාදීම එම තුවක්කුවලින් වාහනයට පහර දී ඊටද අලාභ හානි කළ බව ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තමන් බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් කළ බව ද ඔහු කියා සිටී.