ප්රභූ ආරක්ෂකයෝ මහ වලියක.. පොලිස් ලොක්කාට යුද හමුදාවෙන් පුටුවක් කැඩෙන්න පහර දෙයි.. කණත් කඩාගෙන කයි.. රෝහලේ..
October 14, 2017 at 9:20 am | lanka C news
සින්දු කියන්න එපා යැයි කියුවාට උරණ වී ඇමති ආරක්ෂක අංශයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදී කණක්ද සපා කෑමේ සිද්ධියකට අදාළ පරීක්ෂණ ආරම්භ වී ඇත.
පොලිස් නිලධාරියෙකු, යුද හමුදා නිලධාරීන් 10 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 8 දෙනෙකු සම්බන්ධයෙන් මෙසේ පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබේ.
ප්රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඉකුත් 07දා රාත්රී 10ට පමණ රාජකාරි කරනු ලැබූ මළලසේකර මාවතේ පිහිටි පොලිස් මුරපොල තුළ දීය.
පහර කෑමට ලක්වූ ප්රධාන පොලිස් නිළධාරියා නාරාහේන්පිට පොලිස් රෝහලේ 6 වන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
අදාළ දින පෙරවරුවේ මෙම නිලධාරියා පාඨමාලාවකට සහභාගි වීමෙන් පසුව එය අවසන් වී සිය රාජකාරි නිවසේ රැඳී සිට ඇති අතර රාත්රී 7.00 ට පමණ සිය පොලිස් මුරපොල ආසන්නයේ සින්දු කියමින් පිරිසක් සිටින බවට දැනී තිබූ බවත් ඒ අවස්ථාවේදී ඒ දෙසට ගොස් එය නවතා දමන ලෙසට දැනුම් දී ඇති බවත් පැවසේ.
එහිදී එම ස්ථානයේ යුද හමුදාවේ උසස් නිලධාරීන් කිහිපදෙනකු නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් භටයකු ද බීමතින් ගී ගයමින් සිට ඇති බව සඳහන් වේ.
පසුව එදින රාත්රි 10 ට පමණ එම නිලධාරියාගේ කාමරයට පැමිණි නාවික හමුදා සහ යුද හමුදා නිලධාරීන් විසින් පුටුවක් කැඩෙනතුරු මොහුට ගුටි බැට දී ඇති බවත් පොලිස් කොස්තාපල්වරයා විසින් ප්රධාන පොලිස් පරීක්ෂක වරයාගේ කණ සපා කා ඇති බවත් වාර්තා වෙයි.
යහපාලනය යටතේ උඩ ගොස් සිටින කොස්සා ඌට හිමි තැනින් තැබූ හමුදා නිලදාරීන්ට ජාතියේ ප්රනාමය
😀 😀 😀
හමුදාවේ එවුන්ගෙයි විනය බින්දුවයි දැන්…ඔහොම කිව්වා කියලා ඒ මිනිහට ගහන්න ඕනේ ද…කෝ මේ කොන්ද පන නැති හමුදාපති
කොස්සා ලොක්කෙක් වුනත් කොච්චර නීතිය දැන ගත්තත් මේකා මෝඩයෙක්. මූට තිබුනේ පොලීසියට කියන්නනේ. සිවිල් ඇඳුම් ඇඳගෙන නීතිය කරන්න යන්නේ නැතුව
හමුදාවෙ අය නැතුව නිකම් කොල්ලො ටිකක් ඔය වැඩේ කලා නම් පොලිස් කාරයා උන්ගේ අඬු කඩලා පාරේ කුඩු ගැහුවා, ආයුධ තියන් හිටියා වගේ බොරු චෝදනා ටිකකුත් දාලා උසාවියටත් බොරු කියලා දවස් 14කට රිමාන්ඩ් කරවනවා. කොස්සන් නීතිය ක්රියාත්මක කරන්නේ අහින්සකයන්ට විතරයි. මුන්ට මෙහෙම වෙලා මදි.