ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]

November 28, 2019 at 3:50 pm | lanka C news
ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාවක් මතයි.

ජනාධිපතිවරයා ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ පිටත්ව ගිය අතර ඔහු සමග එක්ව සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.

ඒ සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් වන අතර කිසිදු දේශපාලඥයෙකු හෝ ඥාතියෙක් මෙම සංචාරයට එක් කර ගෙන නැත.

233 views

48 Comments to “ප‍්‍රභූ පර්යන්ත නෑ.. රතු පලස් නෑ.. සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.. [Video]”

  1. Ragitha says:

    Sirisena also did this when he was appointed.

    • කිරිමෙල් says:

      විහිළු ඔය අැති. සිරිසේන එහෙම කරේ නැත.

  2. Dharmadaasa says:

    Aaapu Alutha, Ball Point Pen Eken Athsan Karapu Kesel Kole Bath kaapu …Haaadayek Hitiya Yantham Mathakai Apata

  3. shamil says:

    Sirisenath ohoma thamai patan gathe. Apita hondata mathakai

  4. jayantha says:

    Dear Sir. Respect to your behaviour. But please be careful your safety.

  5. බුදු සරණයි අපේ ජනාධිපතිතුමණි.

    ඔබ තුමාට තෙරුවන් සරණයි … ජයෙන් ජයම වේවා ..!

Main News