ප‍්‍රවීණ කලාකරු ජනනාත් වරකාගොඩ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

March 12, 2019 at 6:55 pm | lanka C news
ප‍්‍රවීණ කලාකරු ජනනාත් වරකාගොඩ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

ප්‍රවීණ සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිල්ලවල ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපීමෙන් කාන්තාවක් මිය යාම නිසාය.

කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේ ඇති පදික මාරුවෙන් මෙම කාන්තාව ගමන් කරද්දී අනතුර සිදුව ඇත.

රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම 68 හැවිරිදි කාන්තාව මියගොස් තිබේ.

303 views
Main News