ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..

December 21, 2019 at 8:40 am | lanka C news
ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංක වලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) ලැබීමේ ප්‍රවනතාවයක් මේ දිනවල ඇතිවී ඇත.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තාවීම් කිහිපයක් ලැබී ඇති අතර විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් වල සහ ඉන්දියාවේ දුරකථන අංක වලින් මෙසේ එක් වරක් නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) වැඩි වශයෙන් ලැබි ඇති බවට වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික දුරකථන පරිශීලකයන් මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකතනයේ තමන් ඇමතුම ලබාගන්නා සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ලම අවසන් කරගෙන ඇත.

මේ නිසා නාදුනන සැකසහිත දුරකථන ඇමතුම් වලට (+94 / 0094 නොවන) (+24 /+91 /+96 /+22 /+90 /+97 /+33 /+92 /041/ +92 /+81 /+21/+25 /+60 /+25 වන) නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

47,356 Viewers

8 Comments to “ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..”

  1. Lebbe says:

    Boru kiyanna epa oyi. Miss call walata call ganna modayo kauda.

    • Thongal Nana says:

      Labba yhama lebbe !

      • Dubba says:

        මේක සම්පූර්ණයෙන් PROVIDERS ලා එක්ක එකතු වෙලා කරන ගේමක් බව පෙනෙනවානේ

    • Kapila says:

      කථාව ඇත්ත, මමත් ගත්‍තා.., හැබැයි recording එකකට ගියේ, phone එකෙන් රුපියල් තුන්සිය ගණනක් කැපුනා..

  2. jess says:

    මොන මෝඩ කතාවක්ද. මුලුන්ම නෝමල් IDD ගාස්තුව ඇරෙන්න වෙන ගානක් කැපෙන්න නම් ලංකාවෙ ප්‍රොවිඩෙර්ස්ල එක්ක ඒව කරන්න ඕන. අනික කෝල් එකක් හරහ ෆෝන් එකෙ විස්තර ගන්න ක්‍රමයක් නැහැ.

  3. ගමේ එකා says:

    ඇත්තද බොරුද දන්නෙ නැ. ප්‍රවෙශම් වෙනෙ එක තමන්ගෙ වැඩක්. කැමති කට්ටිය අත් හදා බැලුවට කම්ක් නෑ, ජීවිත තර්ජනයක් නැති නිසා.

  4. Mangala says:

    ඔය වගේ සිද්ධි යුරෝපෙත් වෙනවා. උඩ කොමෙන්ට් දාලා තියෙන අයට පුලුවන් ඇත්තද බලන්න එහෙම මිස්කෝල් එකක් ආවොත් ආපහු ඒ නම්බර් එකට කෝල් කරලා බලන්න. ප්‍රී පේඩ් එකක් නම් තියෙන සල්ලි ටික කැපිලා යනවා. මාසික එකක් නම් එනවා තරැ විසිවෙන බිලක්.

  5. මාතර සුනිල් says:

    නොම්මරය දන්නේ නැති මිස් කෝල් වලට මොකටද රීන් කරන්නෙ. ගන්න එකාට අපිට කතා කරන්න ඕන නං ඌ ආයි රිං කරාවි. නැත්නම් sms කරාවි.

Main News