ප‍්‍රවේශමෙන්.. ලෙඩ ගොඩක් අසුවී Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

October 14, 2016 at 1:02 am | lanka C news
ප‍්‍රවේශමෙන්.. ලෙඩ ගොඩක් අසුවී Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය කිරීම සඳහා සහ අලුතෙන් hose clip සවිකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. 800cc මාදිලියේ ආරම්භක මට්ටමේ (entry level) වාහන ඒකක 50,000 ක් මෙලෙස යළි කැඳවීමට නියමිතය.

2015 ඔක්තෝබර් සිට 2016 මැයි දක්වා නිපදවන ලද මෝටර් රථවල මෙම දෝෂය මතුව ඇති බවත් එය ඉන්ධන සැපයීම කෙරෙහි බාධා ඇතිකරවන තත්ත්වයක් මතු කරලිය හැකි බැවින් මෙම තීරණය ගත් බවත් Renault India විසින් සිදුකරන ලද පූර්ව පරීක්ෂවල දී අනාවරණය වී තිබේ. තවද මෙම වාහනවල ඉන්ධන නල ක්ලිපය ද (fuel hose clip) ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් Renault India සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සඳහා පාරිභෝගිකයින් කිසිදු පිරිවැයක් දැරිය යුතු නොවන බවත්, පරීක්ෂාවෙන් පසු අවශ්‍ය පියවර ගැනීමට සමාගම සූදානම් බවත්ය.

කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරනුයේ සියලූම Renault Kwid වාහනවල මෙම දෝෂය මතුව නොමැති බවත්, 10% ක ප්‍රමාණයක අදාළ අවදානම ඇති බවත්ය.

මේ වන විට සීඝ්‍ර අලෙවියක් වාර්තා කර ඇති Kwid වාහන මාදිලිය මෙම වසරේ අප්‍රේල් – සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වාහන ඒකක 56,028 ක් අලෙවි කර ඇති බව සඳහන් වේ.

– biz.adaderana.lk

26 views

2 Comments to “ප‍්‍රවේශමෙන්.. ලෙඩ ගොඩක් අසුවී Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි”

  1. හසිත් says:

    ඉන්ධන ගෙනයන නාල වලට වඩා ප්‍රශ්න මෙම වාහනයේ තිබෙනවා නේද ?මෙම වාහනය හිමි ඉන්දියානුවන් එම වාහනයේ විවිද ප්‍රශ්න පෙන්වාදී තිබෙනවා නේද ?මෙතරම් ප්‍රශ්න ප්‍රමාණයක් සහිතව මේ වාහනය වෙළඳපලට ඉදිරිපත් කිරීම ඉතාම නරක ක්‍රියාවක් නොවේද ?මෙමගින් අමාරුවේ වැටෙන්නේ අමාරුවෙන් මුදල් හොයාගෙන වාහනයක් ගන්නට හදන මද්යම පාන්තික සාමාන්‍ය මිනිසුන් නොවේද ?
    මේ වාහනයක් ගන්නවාට වඩා පැරණි ජපන් වාහනයක් මිලට ගැනීම වඩා සුදුසුයි .මරුටි රථය මෙන්ම ශ්‍රිලංකාවේ එකලස් කරන පැන්ඩා රථ මේ වාහනයට වඩා ඉතාමත් ශක්තිමත් .ඒවගේම විශ්වාසයි .යුරෝපිය නමට රැවටෙන්න එපා යුරෝපයේ බන්කොලොත්වන සමාගම් බංකොලොත් බැවින් මිදීමට ආසියාතික අපිව රවටන්න හදනවා . මෙවාහනය ඉලක්ක කරන්නේ suv එකක් ගන්න ආසා කරන නමුත් එයට හැකියාවක් නොමැති සාමාන්‍ය මිනිසුන්ව .පෙනුමට රැවටී ඔබේ මුදල් විනාස කරගන්නවද කියල සිතා බලන්න

  2. Madu says:

    Kohomada Lankawe minissunge mole ? mekath aragena salli deela gon heththa

Main News