ප්රශණ් කරන්න ගෝටාභය කැදවයි..
June 11, 2017 at 12:00 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා මෙම 15 වැනිදා ප්රශ්ණ කිරීම සදහා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් කැදවා තිබේ.
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ තිබූ පරණ යකඩ හමුදාව අවභාවිත කලේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්රශ්න කිරීමට නියමිතය.
කෙසේ වෙත්ත හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ එම කර්මාන්තශාලාව කොටි ත්රස්තයින්ගෙන් මුදා ගැනීමෙන් පසු එහි තිබූ පැරණි යකඩ තොග හමුදාවේ උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන්නැයි තමන් උපදෙස් දුන් බවයි.
මේ සම්බන්ධයෙන් හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතාගෙන්ද ප්රශ්න කිරීමට කැදවා ඇත.