ප‍්‍රශ්න කරන්න ගෝටාභය අද කැදවයි…

June 15, 2017 at 12:40 pm | lanka C news
ප‍්‍රශ්න කරන්න ගෝටාභය අද කැදවයි…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද දිනයේ ප‍්‍රශ්න කිරීමට බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් කැදවා ඇත.

ඒ මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ තිබූ යන්ත්‍රසූත්‍ර හමුදාව විසින් යකඩවලට විකිණීම සම්බන්ධයෙනි.

අද පස්වරු 03.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇත.

පුවත්පතක් හා අදහස් දක්වමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ ගැන සදහන් කර ඇත්තේ කාලයක් තිස්සේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන සිටි සිමෙන්ති කම්හල හමුදාව විසින් යලි අත්පත් කරගත් පසු එහි තිබූ අබලි ද්‍රව්‍ය හමුදාවේ ප‍්‍රයෝජනයට ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බවයි.

29 views
Main News