ප්රසන්න අවුලක.. නුගේගොඩ වේදිකාවෙන් බසී..
January 28, 2017 at 11:20 am | lanka C news
ඊයේ නුගේගොඩදී පවැති ‘පෙරලියක ඇරඹුම’ රැළිය සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගත මත ගැටුමක් මන්ත්රී ප්රසන්න රණතුංග මහතා වේදිකාවෙන් බිමට බැස පළාත් පාලන මන්ත්රීන් සමග අසුන් ගෙන තිබේ.
ප්රසන්න රනථුංග මන්ත්රීවරයා සදහන් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බිම් මට්ටමේදී විශාල වශයෙන් සහාය දෙන පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට වේදිකාවට ගොඩවීමට ඉඩ දෙන ලෙසයි.
නමුත් එම ඉල්ලීම ඉටු නොවූ නිසා මන්ත්රිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද මේ සම්බන්දයෙන් කරුණු පැහැදිලි කර වේදිකාවෙන් බැස ගොස් තිබේ.