ප‍්‍රසන්න බලය පෙන්නයි.. ගම්පහ පොහොට්ටුවට සරණ ගුණවර්ධන සම්බන්ධ කර ගැනීම ප්‍රතික්ෂේප කරයි…

June 5, 2019 at 4:40 pm | lanka C news
ප‍්‍රසන්න බලය පෙන්නයි.. ගම්පහ පොහොට්ටුවට සරණ ගුණවර්ධන සම්බන්ධ කර ගැනීම ප්‍රතික්ෂේප කරයි…

ගම්පහ ආසනයේ දේශපාලන කටයුතු සදහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සම්බන්ධ කරගත යුතු යැයි ඉදිරිපත් වූ ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

උඩුගම්පල ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්පහ ආසනයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ හා නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකි.

මෑතකදී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් පණ්ඩු බණ්ඩාරණායක හිටපු මන්ත්‍රීවරයාට ගම්පහ ආසනයේ පොහොට්ටුවේ කටයුතු සදහා සම්බන්ධ කර ගත හැකි නම් සරණ ගුණවර්ධන මහතා ඊට සම්බන්ධ කර නොගන්නේ මන්දැයි ඔවුන් මෙහිදී විමසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට නොහැකි බවයි.” සරණ ගුණවර්ධන, මර්වින් සිල්වා, සචින් වාස් ගුණවර්ධන වගේ අය නිසා තමයි මහින්ද මහත්තයා 2015 පැරදුනේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ 2015 මැතිවරණ පරාජයට හේතු වූයේ සරණ ගේ හා මර්වින්ගේ හැසිරීම. සරණ ගුණවර්ධන මහත්තයාට කප්පම් චෝදනා විශාල වශයෙන් තිබුනා. අනික පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයේ පොහොට්ටුවට විරුද්ධ කණ්ඩායමක් හදලා අපිව පරද්දන්න හැදුවා. මිනිස්සු කැමති නෑ ඒ වගේ අය සම්බන්ධ වෙනවට. මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි රටම දිනන්නේ. මට දිනන්නයි ඕනෑ. ඒ නිසා ඒ වගේ අය අරන් මට පරදින්න බෑ..” යැයි මෙහිදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුගෙන් මෙම ඉල්ලීමට ප්‍රාදේශීය සභාවේ හා නගර සභාවේ බහුතර මන්ත්‍රීවරුන් විරෝධය පල කිරීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ශේප වී ඇත.

– ප‍්‍රදීප් අනුර කුමාර

148 views

26 Comments to “ප‍්‍රසන්න බලය පෙන්නයි.. ගම්පහ පොහොට්ටුවට සරණ ගුණවර්ධන සම්බන්ධ කර ගැනීම ප්‍රතික්ෂේප කරයි…”

  1. sathya says:

    සරණ ගුණවර්ධන, මර්වින් සිල්වා, සචින් වාස් ගුණවර්ධන වගේ අය නිසා තමයි මහින්ද මහත්තයා 2015 පැරදුනේ
    * Rohitha Abeygunawardane – Theft/fraud/Womanizing/Seduction
    * Mahindananda Aluthgamage – Theft/fraud
    * Keheliya Rambukawella – Theft/Fraud/Womanizing
    * Johnston Fernando – Theft/Fraud
    * Piyal Nishantha – Theft/Fraud/Seduction
    * Prasanna Ranaweera – Illegal drugs/Seduction
    * Wimal Weerasawansa – Illegal Passports/Theft/Fraud/Murdering
    Many More

    • අංකූරා says:

      විමල් ඇලජික් නේ, හොරේ දැනගත්තා .

    • Me3 says:

      Please submit all evidence and also initiate legal action.
      Four years have already passed with these allegations made by leaders of 6.2million. Followers are still parroting.
      Please take immediate legal action.

    • vishnu says:

      මොකෙක්ද ඕයි මූ

      • Point Blank says:

        පහුගිය කාලය පුරාම මේ sathya කියල comment දාන අපතයා කෙරුවෙ ඌම ගොතපු, ඔප්පු කල නොහැකි “අසත්‍යය” වැපිරීමයි.

    • සකල බුජං says:

      මේ සත්‍ය ඉස්සරවෙලාම කඩේ ගියේ ෆොනීට.ෆොනීට කෙල උනාම චම්පා නමින් සිරාට කඩේ ගියෙත් ඔය සත්‍යමයි.දැන් ඔය නම් දෙකෙන්ම සිරිකොතේ සමණළුන්ගෙ කිලිටි රෙදි හෝදන්නෙත් මේකිමයි.මේකිට රට ජාතිය ඇලජික්.සමණළ සොසේජස්වලට හරිම කැමතියි.

  2. ranjan says:

    ඔන්න ඔහොම යමු ,පිරිසිදු පක්ෂයක් විදියට .අනිත් පළාත් වලටත් ආදර්ශයක්

  3. Gotaimbara says:

    Well said, well done Prasanna.

  4. මේඝවර්ණ අභය says:

    ඉතාම හොඳ මෙන්ම වටිනාම තීරණයක්. ඒ ආකාරයෙන්ම පලාත් සභා , නගර සභා , ප්‍රාදේශීය සභා වලට පොහොට්ටුවෙන් තරඟ වදින්නන් , සහ තරඟ වදින්නට අපේක්ෂා කරන අයගැන ඉතා තදින් සොයා බැලිය යුතුයි. පසුගිය සමයේ පොහොට්ටුවෙන් තරඟ වැදි ප්‍රාදේශීය අපේක්ෂකයන් සහ පොහොට්ටුවෙන් පත්වූ මහජන නියෝජිතයන් සෑහෙන ගණනක් සම්බන්ධව අයහපත් පුවත් පලවුනා. ඇතැමුන් ඒ වැරදි ක්‍රියා කටයුතු වලට නීතියෙන් වැරදිකරුවන් උනා.

    * එමනිසා “චරිතය හොඳ , අවංක , ගුණයහපත් මිනිසුන්ව ” පමණක් පොහොට්ටුවට සම්බන්ධ කරගන්න. පෞද්ගලික හිතවත්කම්වලට නම් සැලැකිල්ලක් දක්වලා මිනිස්සු අකැමති තක්කඩි එවුන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දෙන්න නම් එපා. අමාරුවෙන් දොවාගත්තු කිරි කලයට ගොම කෑලි එකතු කරන්ට එපා !!!

    රටේ මිනිස්සු සෑහෙන්ට බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ තක්කඩි පාලනයට පයින් ගසා එලවලා දෑ හිතකාමී පාලනයක් ගෙනෙන්ට , ඒකට තක්කඩියන් ඕනෑ නම් නැහැ..

    මාතෘභූමියට ජය වේවා !!!

  5. Nethuka says:

    සචින් වාස් මර්වින් සිල්වා වගේ උන් බලය ඇති පැත්ත ගිහින් නිවටයෝ වෙනකොට හිටපු ඇමතිවරයෙක් වශයෙන් 2015 ජනවාරි 9 වෙනිදා උදෑසන සිට කෙලින් මහින්ද ජනාධිපතිතුමා එක්ක ඉදපු එකම කෙනා ගම්පහ සරණ පමණයි එකයි මිනිස්සු තවම සරණව ඉල්ලන්නේ පණ ඇතිව කෙලින් ඉන්න නිසා

    • ජසයා says:

      කප්පම් ලොක්කා….. අත්තනගල්ලේ රඹුටන් වෙලෙන්දන්ගෙනුත් කප්පම් ගත්තා.

      • ලෙන්චිනා says:

        එයා සංඝබෝධි විද්‍යාලයේ ගුරුවරයෙකුත් දන ගැස්සුවා නේද?
        එහෙම අය දැම්මොත් මහින්ද පාර්ශවයේ ඡන්දත් කැඩෙනව නේද?

        • චම්පා says:

          හොරගොල්ලේ නිවාස හදන සංකීර්ණයකට ගිහින් නැති ලෙඩක් දාගෙන උසාවියටත් දක්කාගෙන ගිය තකතිරුවෙකුට ගම්පහ ජනතාව නැවත හිස නමන්නේ නැහැ. මෙයා පොහොට්ටුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉල්ලුවොත්, පොහොට්ටුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අබ සරණයි. කප්පම් ලොක්කෙක්. ලයනල් ගුණවර්ධනගේ දරුවෙක් කියල කියන්නවත් බැහැ. තාත්තාගේ නමටත් අවමානයක්…..

      • Harsha says:

        හොරෙක් වෙන්න කරපු හොරකමක් ඔප්පු කරලා පෙන්න අවශ්‍යයි. හොරා හොරා කියන ගොඩක් අයට කියන්න කැමති තැන තැන නොකියා කෙලින් ඇවිත් කියන්න කියලා.

    • ඔරිජිනල් ගම්පහ අපි says:

      තමුසෙට පිස්සුද ඕයි… කප්පම්කාරයන්ව පෝෂණය කරන්න දැන් ඉන්න ගම්පහ මිනිස්සුන්ට උවමනාවක් නෑ. නොදන්න රෙද්දවල් නොකිය හිටහන් මිනිහෝ..

  6. Lokka says:

    What about your bribery case now in courts? Come clean before you seek any public office. Mind you, you are also on the same boat.

  7. Danuka says:

    ape nayakaya mahinda rajapaksa mahaththaya misak prasanna newe gampahata sarana one

  8. Kakiyana Lea says:

    Niyamai …Ehematamai karanna oonee. Madyastha taruna chanda Gotabaya mahattayata aniwaryayenma labenawa. Ada api kapuwath kola,Nill,Rathu nemei.Hakipamanin kalakanni ainkarapu paksheta chande denawa.

  9. නෙවිල් says:

    නියමයි

  10. Perera says:

    commendable reasons from Prashna .God ahead.