විනිසුරැුගේ ස්ත‍්‍රී දුෂණ කතාවක් ඇතැයි කියා ප‍්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටය තහනම් කරයි..

October 5, 2016 at 2:10 pm | lanka C news
විනිසුරැුගේ ස්ත‍්‍රී දුෂණ කතාවක් ඇතැයි කියා ප‍්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටය තහනම් කරයි..

හෙට දිනයේ සිටට ප‍්‍රදර්ශණය කිරීමට නියමිතව තිබූ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය ප‍්‍රදර්ශණය කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරැ තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

19 වන දින තෙක් බලපැවැත්වෙන ලෙස මෙම අතුරැ තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ තමන් සම්බන්දයෙන් අසත්‍ය තොරතුරැ මෙම චිත‍්‍රපටයේ ඇතැයි හිටපු මහේස්ත්‍රාත්වරයකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමිනි.

පැමිණිලිකාර හිටපු විනිසුරැු ලෙනින් රත්නායක සිය පෙත්සම මගින් කියා ඇත්තේ තමා ස්ත්‍රී දූෂණයක් කලේ යයි අසත්‍ය පුවතක් ඔස්සේ මෙම චිත‍්‍රපටය නිෂ්පදනය කර ඇති බවත් එය ප්‍රදර්ශනය වුවහොත් තමන්ටත් මෙරට අධිකරණ පද්ධතියටත් දැවන්ත අපහාසයක් වන බවයි.

21 views
Main News