ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුට කොරා්නා.. තොරතුරු සගවාගනී..

October 26, 2020 at 2:10 pm | lanka C news
ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුට කොරා්නා.. තොරතුරු සගවාගනී..

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක රසායනගාර සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන එම රෝහලේ කාර්යමණ්ඩලය හා රසායනගාර ශිල්පීන් අතරින් කිහිප දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී ඇති බවයි.

ඔවුන් ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

එම රෝහල විසින්ම සිදු කළ පරීක්ෂණ වලදී අදාළ පිරිසට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇතත් ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල ලෙස දැනුම්දී නැතැයි ද ඔහු කියා සිටියේය.

51,283 views

10 Comments to “ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුට කොරා්නා.. තොරතුරු සගවාගනී..”

  1. කෝපි says:

    කොවිඩ් සම්බන්ද කිසිම දෙයක් පුද්ගික අංශයට නොදිය යුතුය…

  2. කාන්තාර පළඟැටියා says:

    සීල් තියලා රජයට පවරාගන්න ඕනෑ

    • කොරෝනා බිල්ලා says:

      කොරෝනා හැදිලා ආණ්ඩුවේ ද‌ෙතුන් ද‌ෙන‌ෙක් මැර‌ෙනකම් මේ කොරෝනාා කතා ජනතාවට විශ්වාස නෑ.
      මේ මොහොතේ ඉතාලියේ න‌ෙපල්ස්,රෝමය හා පෝලන්තයේ වෝසෝ නගර වල Anti-lockdown විරෝධතා පැවැත්ව‌ෙනවා.
      තම අසමත්භාවයන් වසා ගැනීමට හා දේශපාලන වුවමනාවන් සඳහා දුර්දාන්ත පාලකයන් උපක්‍රමිකව කොරෝනාා බියක් සමාජගත කරමින් ඇති බවට පුරවැසියන් චෝදනා කරනවා.

      • On The Spot says:

        මචං,උඹ ඔය කියල තියන හැම නගරයක්ම ආසාදිතයන් බහුල ලෙස හමුවූ නගර​.ඒවා රාත්‍රී හයෙන් පසු වසන්න නියෝග කලා.ඒක සාධාරණයි.ඒ පෙලපාලි යන්නෙ ව්‍යාපාරිකයො.ඔවුන් බලන්නෙ ඔවුන් ගැන පමණයි.දන්නෙ නැත්නම් ඒ නගරවල ඉන්න මිත්‍රයින්ගෙන් අහල දැනගන්න​.

  3. Felix says:

    Mokuth Karanna Behe… Nama Kiyannath Behe…. Rajayata Paksha… Aaadara Dena Hospital Ekakne?

  4. Dp says:

    If the information is correct please publish the name of the hospital ,as patients are at risk

  5. Kassa says:

    Kiribathgoda nawaloketh oya sceen ekamai.. ethanath keepa denekta corona. Habai pitata aranchiya denne na..

  6. කඩවත වීරමුණි says:

    ඩ ඩ න්ස් එක නේද ? කාගෙද වැඩිපුර ශෙයාර්ස් තියෙන්නේ මේකේ ?

  7. Kgs basnayake says:

    Are they membets of GMOA?

  8. RED BULL says:

    ඔය කියන රවි කුමුදේශ් මහත්තය ගැනත් දෙතුන් පාරක් හිතල බලන්න​.

Main News