ප‍්‍රසිද්ධියේ ජනපතිට බැන්නාට හොරෙන් සමාව ගත්තා.. යටින් ඩීල් එකකයි.. මංගලගේ අමාත්‍යංශය සරුසාර වූ හේතුව කිරිඇල්ල කියයි..

January 27, 2019 at 10:32 pm | lanka C news
ප‍්‍රසිද්ධියේ ජනපතිට බැන්නාට හොරෙන් සමාව ගත්තා.. යටින් ඩීල් එකකයි.. මංගලගේ අමාත්‍යංශය සරුසාර වූ හේතුව කිරිඇල්ල කියයි..

එජාපයේ සමහර ඇමතිවරුන් ජනාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ බැන්නාට යටින් ඩීල් තිබෙන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

ඔවුන් ප‍්‍රසිද්ධියේ බැන්නාට පුද්ගලිකව ගොස් සමාව ගත් බවත් ඔවුනගේ අමාත්‍යංශවලට වැඩිපුර ආයතන බෙදා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඇමති මංගල සමරවීර මහතාට වැඩිපුර ආයතන වෙන් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි කල විමසීමකට ඇමති කිරිඇල්ල මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඩ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

58 views
Main News