ප්‍රසිද්ධියේ වස කුප්පියක් බී දිවි නසා ගන්නවා..- ඇමති සනත් නිශාන්ත
February 20, 2020 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ ධීවරයන්ට සිය මත්ස්‍ය අස්වැන්නට නිසි මිලක් නොලැබෙන ලෙස විදේශීය ධීවර යාත්‍රා වන්ට මේ රටට ඇතුළුවීමට ඉඩ ලබාදීමට තමන් සම්බන්ධ යැයි ඇතමුන් ප්‍රකාශ අසත්‍ය බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
එම චෝදනා කිසිවකු විසින් ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියේ දිවිනසා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ විදෙස් ධීවර යාත්‍රාවන් මෙරට මුහුදු සීමාවට පැමිණීමෙන් මෙරට ධීවරයන්ගේ මාළු වලට නිසි මිලක් නොලැබීම ගැන ධීවර ජනතාව සමඟ පැවති සාකච්ඡාවකදීය.
විදේශීය ධීවර යාත්‍රා මෙරටට ගෙන්වීමට තමන් සම්බන්ධ යයි කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියට පැමිණ වස කුප්පියක් ප්‍රසිද්ධියේ බී දිවි නසාගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය සම්පත වැඩි වර්ධනය සඳහා කඩොලාන වල වැදගත්කම නොදන්න අපතයෙක් පත්කරන්න නිර්දේශ කලේ කවුද? ඒකවත් නොදන්න එකෙක් ඇමැතිකමට පෙරේත කමට ඔහේ ඒක බාර අරන් තියන බවයි පෙනෙන්නේ. ඉස්කෝලේ යන්න ඕන කාලේ කසිප්පු පෙරුවම වෙන අකරතැබ්බ තමයි ඔය. හැබැයි මටනම් සහතිකයි මේ මෝඩයා කිසිසේත්ම මන්ත්‍රීකම තියෙද්දී වස බොන්නේ නැහැ. පුත්තලමේ ජනතාවට අවස්ථාවක් තියනවා මුගෙන් ගැලවෙන්න ළඟ එන පාර්ලිමේන්තු චන්දෙදි මොලයක් තියන මිනිහෙකුට චන්දෙ දීල.
without CO2