ප‍්‍රහාරයකට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මක්කම වන්දනාවේ යයි..

May 6, 2019 at 10:00 am | lanka C news
ප‍්‍රහාරයකට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මක්කම වන්දනාවේ යයි..

අප්‍රේල් 21 වන දා එනම් පාස්කු ඉරිදා දිනයේ මෙරට බෝම්බ ප්‍රහාරයකට සූදානම් ව සිටි දසවැනි මරාගෙන මැරෙන බෝම්බකරු මක්කම වන්දනාවේ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අද ජාතික පුවත්පත් වාර්තා කරයි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද සදහන්ය.

පාස්කු ඉරිදා දිනයේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරුට ඉලක්කයක් නොලැබීමේ හේතුවෙන් ඉදිරියේ දී ප්‍රහාරයකට පෙර මක්කම වන්දනාවේ ගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බව එම වාර්තාවන් හි දැක්වේ.

මෙම ත්‍රස්තවාදියා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෝ බවත් ඔහුගේ සියලු තොරතුරු හෙළිදරව් කරගෙන ඇති බවටත් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ දක්වා ඇත.

12 views

4 Comments to “ප‍්‍රහාරයකට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මක්කම වන්දනාවේ යයි..”

  1. sathya says:

    Catch him regardless of Politicians orders. Our three forces and Police are well capable.
    Save the country………Save our innocent Children…………… Give them a good future

  2. දනංජය says:

    පොලිසියෙන් උනත් ඕන රෙද්දයි එපා රෙද්දයි ඔක්කොම මාධ්‍යට කියන්න ඕනි නෑ අවම අල්ලගෙන ලකුණුදාගනියවු දැං ඕක අවෙනැත්නංහරි ඕක වෙන ජිල්මාට් එකක් දාල ඇවිත් මෙහෙ පුපුරවැවුවම කෙලවිල තියෙයි

  3. Galaboda aththe chaminda says:

    ඔබ හරි

  4. Panda says:

    Shuvar ekatama Rishard Baduddin. Miniha give Mecca ne. Aapu gaman Karanu arrest. Habai eida Danne ne.

Main News