ප‍්‍රාදේශීය ලේකම්ට පිරිසක් එලවාගෙන විත් හොදටම ගුටි අනී.. බරපතල තුවාල ලබා රෝහලේ…

April 12, 2021 at 10:00 am | lanka C news
ප‍්‍රාදේශීය ලේකම්ට පිරිසක් එලවාගෙන විත් හොදටම ගුටි අනී.. බරපතල තුවාල ලබා රෝහලේ…

තලාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පදවන ලද වාහනයක් රිය අනතුරට ලක්වීමෙන් පසුව කෝප වූ පිරිසක් විසින් ඔහුට දැඩි ලෙස පහර දීමක් සිදු කර තිබේ.

එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තඹුත්තේගම මල්වානගම ආසන්නයේ දී ප්‍රාදේශීය ලේකම්වරයා ගමන්ගත් වාහනයේ යතුරුපැදිකරු ගැටුණු අවස්ථාවේ ඔහු නොනවත්වාම වාහනය ධාවනය කර ඇති අතර පසුපසින් පන්නාගෙන පැමිණි පිරිසක් විසින් රථය නවත්වා ලේකම්වරයාට බරපතල ලෙස තුවාල වන අන්දමින් පහරදී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා ගේ පියාට හදිසියේ ඇතිවූ හෘදයාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට වාහනයේ යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

ඔහුගේ වාහනයේ පැති කණ්ණාඩිය යතුරුපැදියක ගැටී ඇති අතර ඔහු ඒ බව නොදැනීම හේතුවෙන් රථය නොනවත්වා පදවා ගෙනගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේ වෙතත් පහරදීමට සම්බන්ධ වන අත්අඩංගුවට ගත් අය පිරිස් සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් වරයා අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවයි.

පොලිස් නිලධාරීන් සිදුවීම යට ගැසීම සඳහා පහර දුන් පිරිසට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවට ද ඔවුහු චෝදනා කරති.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා පැදවූ රථයේ කිසිම රෝගියෙකු නොසිටි බවත් ලේකම් වරයා පමණක් එහි සිටි බවත් ඔවුන් සඳහන් කරති.

25,712 views

4 Comments to “ප‍්‍රාදේශීය ලේකම්ට පිරිසක් එලවාගෙන විත් හොදටම ගුටි අනී.. බරපතල තුවාල ලබා රෝහලේ…”

  1. sunimal says:

    තිරුසන්නු මුන් තවම හැසිරෙන්නේ කැලා උරෝ වගේ ලැජ්ජයි.

  2. Sumanasiri says:

    Monawa unath eanachara wedak. Gahanna ayithiyi neheun Masa 9 siragathawewi

  3. Lassie says:

    අනේ මූ බබා, ඌ දන්නැ හැප්පුනාද කියලා.
    අද කාලෙ මොනිහෙක් හැප්පුනොත් මිනිස්සු වාහන නතර කරන්නෙ නැතිව යනවා. මොකද වටේ ඉන්න එවුන් අම්බානක නෙලන නිසා.
    හැබැයි මේකා කියන්නෙ කණ්නාඩිය හැපුන බව දන්නෙ නැහැ කියලයි.
    ඒක පට්ට බොරුවක්…

Main News