ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට සභා සේවක පිරිසක් ගුටි අනිති…

September 22, 2021 at 3:21 am | lanka C news
ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට සභා සේවක පිරිසක් ගුටි අනිති…

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනකා විමලරත්න මහතාට 21පස්වරුවේ සභා සේවකයින් සිව්දෙනකු පහර දුන් බවට සභාපති වරයා අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇති බව අලුත්ගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතා ප්‍රකාශ කළහ .

බේරුවල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති මාසික සභා රැස්වීම අවසන් වීමෙන් පසු සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම ගඟබඩ පාරේ සංචාරක අවන්හලක් වෙත ගොස් ඇති අතර එහිදී මෙම පිරිස අතර ඇති ඇති වූ කතාබහක් දුරදිග ගොස් සභාපතිවරයාට පහරදීමක් සිදුකර ඇති බව අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව පොලිසිය කියයි .

එසේ සභාපතිවරයාට පහරදුන් බව කියන පිරිස සිය කාර්යාලයට පැමිණ සේවා ස්ථානයෙන් රාජකාරි අවසන් කර නික්ම ගිය බවට පැමිණීම හා පිටවන සටහන් පොතේ සටහන් කර ඇතැයි ද විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

පොලීසිය සඳහන් කළේ මේ පහරදීමට අදාළ සේවකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි .

බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතා සඳහන් කළේ සේවකයින් ගේ පහරදීම සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් තමාට ද පැමිණිල්ලක් ලද බවත් ඒ පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකරන බවත් ය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

17,877 views

2 Comments to “ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට සභා සේවක පිරිසක් ගුටි අනිති…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඔව්වා මොනාද බන් , අර පාර්ලීමේන්තුවේ ත් පුටු විසිකරලා , ආරක්ශක නිලධාරින්ට ගහලා , බයිබල් , පොත් විසිකරලා . මිරිස් කුඩු ගහලා පට්ට ආතල් එකක් ගත්තේ. යකාගේ හැටියටනේ බන් විමානේ.

  2. පොඩිරාජා කිතුල්ගල says:

    ඊයා ගොමරාජ් ඇයි තව එකෙක්පිහියක් ගෙනාවෙි ඇයි තව එකෙක් 3න් 2ක පෙන්නුවෙි මතකද???

Main News