ප්‍රාදේශීය සභා අක්‍රියයි.. සංචාරක ප්‍රංශ දරුවෙකු පිස්සු බල්ලෙක් සපා කා ජලභීතිකාවෙන් මිය යයි.. ලෝ පුරා ප්රචාරයේ.. සංචාරක ව්‍යාපාරයට කණකොකා හඩයි..
October 23, 2017 at 3:25 am | lanka C news
පසුගිය සඳුදා ප්‍රංශයේ දි වයස අවුරුදු 10 ක පාසල් ශිෂ්‍යයකු මියගිය පුවත් ජාත්‍යන්තර මාධ්‍ය විශාල ලෙස වාර්තා කොට තිබුනි. මෙම දරුවා නිවාඩු ගතකිරිම සඳහා තම දෙමව්පියන් සමඟ ශ්‍රීලංකාවේ සංචාරය කොට තිබුණේ මීට ටික දිනකට පෙරයි. එම ප්‍රංශ ජාතික පවුල දකුණු පලාතේ සංචාරකයන් බහුලව ගැවසෙන දික්වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තම නිවාඩුව ගතකිරිමට තෝරාගත්තේ තම පාසල් වියේ දරුවාට විනෝදය සඳහායි.
මෙම පිරිස දික්වැල්ල මුහුදු වෙරළේ විනෝදවෙමින් සිටින අවස්ථාවක දඩාවතේ යන බල්ලකු විසින් සපා කෑ අතර ඉන්පසු ඔවුන් තම රට බලා ගොස් ඇත. එහිදි මෙම දරුවා පිස්සු බල්ලකු විසින් සපා කා ඇති බවත් ඒ නිසා දරුවාට ජල භීතිකා රෝගය වැලදි රෝගය උත්සන්න වී ඇති බව ප්‍රංශ රෝහලකට ඇතුළු කිරිමේන් අනතුරුව සොයා ගෙන ඇත. එහෙත් ඒ වනවිට සුවකල නොහැකි තත්ත්වකින් දරුවා පසු වු අතර ඊට දින කිහිපයකට පසුව පසුගිය දා මියගොස් ඇත.
ප්‍රංශයේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කල රටක් වන අතර, මෙය වසර 99 කට පසුව ප්‍රංශය රෝහලකදි පිස්සු බල්ලෙක් සපා කා ජල භීතිකා රෝගය වැලදි මියගිය පලමු දරුවා ලෙස වාර්තා වේ. එමෙන්ම මෙම සිද්ධියෙන් පසුව දරුවා ගිය පාසල සහ ඇසුරු කල පිරිස් සඳහා අවශ්‍ය ජල භීතිකා රෝගය වැලැක්වීමට අවශ්‍ය එන්නත් ලබාදීමට ද ප්‍රංශ සෞඛ්‍යය අධිකාරිය කටයුතු කොට ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.
මේ සම්බන්ධව දික්වැල්ල ප්‍රදේශයේ අදාළ හෝටල් කළමනාකරණය පවසන්නේ දික්වැල්ල ප්‍රාදේශිය සභාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත්තේ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් නොමැති කම නිසා බවයි.
පොදු කාර්යයන් වන කුණු කසල ඉවත් කිරිම මෙන්ම මහජන සෞඛ්‍යය ඉතා දරුණු ලෙස කඩාවැටීමෙන් මෙවෙනි උවදුරුවලාට තමන්ට මුහුණ දීමට සිදු වූ බවත් මුහුදු වෙරළේ පාලනය ප්‍රාදේශිය සභාව සතු බවත් දඩාවතේ යන සුනඛයන් විශාල වශයෙන් සංචාරක කර්මාන්තයට තර්ජනයක් බවත් ඒ සම්බන්ධව පැමිණිකිරිමට පවා අද මහජන නියෝජිතයකු නොමැති වුවත් විශාල වරිපනම් බදු මෙන්ම අනෙකු බදු ආණ්ඩුවට ගෙවන බවයි.
ඩේලිමේල් මාධ්‍ය වාර්තාව මෙතනින්
ඉතින් මොකටද මිනිස්සු වරිපනම් බදු දිගටම ගෙවන්නේ?
උපන් ගෙයි මෝඩ කම ප්‍රදර්ශනය කරන්නද?
නැත්නං සාධාරණය වෙනුවෙන් පියවරක් ගන්න බැරි තමන්ට අර පිරිමි අවයවය නැති නිසාද?
බදු නොගෙවා හිටියොත් ඊට විරුද්ධව පියවරක් ගන්නවත් නීත්‍යානුකුල ආයතනයක් පත් වී නැති බව නොදන්නා නිසාද?
මොකෙක් හරි සෙරෙප්පු ලෙවකන්නෙක් විසින් නීත්‍යානුකුල පියවර ගත්තත්, චන්දෙන් පත් වුනු ප්‍රාදේශීය සභාවක් නැති නිසා සහ තමන් ගෙවන බදු සඳහා ප්‍රාදේශීය සභාවෙන් කල යුතු වැඩ නොකෙරෙන නිසා ජනතාවත් ප්‍රාදේශීය සභාවත් අතර ඇති කොන්ත්‍රාත්තුව මුලින්ම කඩ කර ඇත්තේ ප්‍රාදේශීය සභාව නිසාත් උසාවියේදී ප්‍රාදේශීය සභාව පරදින බවවත් නොදන්නා නිසාද ?
monawada ane me vikaara liyanne?
දැන් ඉතින් බදු ගෙවන්නත් බැරි දඩ ගෙවන්නත් බැරි අසරන වීදි බල්ලො ඔක්කොම මරලා මස් කරපිය. සුද්දගෙ පුතා මලාම තමයි මුන්ට රේබීස් මතක් වෙන්නෙ. ඔය පාරෙ ඉන්න බල්ලන්ට රේබීස් එන්නත් දීලා වන්ධ්‍යාකරණ සැත්කම් කලා නම් අවුරුදු 10ක් යනකොට ප්‍රශ්නෙ ඉවරයි..අසරණයින් මරලා පව් පුරෝ ගන්නෙ නැතුව.
මේ ලමයව බල්ලා කෑවම බලපු දොස්තර හරි උපදෙස් දීලද? බල්ලෙක් කෑවට පස්සේ තියන අනතුර ගැන දෙමව්පියන් ව දැනුවත් කරලා ද? මොකද බටහිර රටවල් වල සමහර ලෙඩ ඇත්තෙම නැහැ , ඩෙංගු , ජලබිතිකාව වගේ ඒවා. එරටවල දොස්තරලා ට ඒ ලෙඩ සම්බන්ධයෙන් අත්දැකීම් නැහැ. හොදම දේ තමා මේවගේ සිද්ධියක් උනාම ඒ රටේම ඉන්න එක ටික දවසක්. ගොඩක් බටහිර රටවල් වලින් ඩෙංගු හදුනා තමන්ගේ රටවැසියන්ට දෙන උපදේශය ලංකාවේ , තායිලන්තය වගේ රටවල් වලදී ඩෙංගු හැදුනොත් ඒ රටවල් වලම ඉන්න කියන එක. හෝටලේ මිනිස්සු , මේ ළමය රටින් ගියාම , කෝල් එකක් වත් දීලා බැලුවද?
ප්‍රංශෙ වුණාට වැඩක් නෑ…බෙහෙත් විදගන්න දන්නේ නෑ….
Sirikothen panapu ekekda?
sudda hoyaa gaththu injection wala pihita naethnam okkoma iwarayi.
Sancharakaya nathath Kamak Naha
Ballo Nam Maranna Epa Paw …
France kiyanne rabies thuran karapu ratak. Pawa nisa a lamayage demawpiyan me lede gana danne nathuwa athi. Nathnam beheth wida ganna thibunane Matharata awilla.
අපේ ක්‍රිකට් ටීම් එක නම් මේ දවස් වල වෙන උන්ට ඕන තරම් සෙන්චරි ගහන්න දුන්නට කොහොමද අපේ බල්ලෝ ප්‍රන්සෙට සෙන්චරිය ගහන්න දෙන්නේ නැතුව 99 න් කඩපු ලස්සන …
ලංකාවේ තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ හිටියට හැටහතර කෝටියක් ලෙඩ රෝග. ඉතින් කොහමද සක්කරයටවත් මේ ලෙඩ හොයාගන්න පුළුවන් වෙන්නේ. දියුණු රටවල ඔය ජලභීතිකාව කියලා රෝගයක් ගැන දන්නෙම නැහැ. කිරිදරුවනුත් බල්ලෝ කාලා මැරෙන රටේ ඕවා මොනවද බන්.
orther 5 6 people from Srilanka , bitten by the same dog got AR Vaccines from Government hospitals are still living without getting Rabies!