ප‍්‍රාදේශී සභා සභාපති ඇතුළු මන්ත‍්‍රීන් වතු අධිකාරීගේ නිවස වටලයි.. පොලීසිය සමගත් ගැටේ..

March 29, 2019 at 8:02 am | lanka C news
ප‍්‍රාදේශී සභා සභාපති ඇතුළු මන්ත‍්‍රීන් වතු අධිකාරීගේ නිවස වටලයි.. පොලීසිය සමගත් ගැටේ..

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නියෝගයක් සහිත ලිපියක් භාර ගැනිම ප්‍රතික්ෂේප කල වතු අධිකාරිවරයෙකුගේ නිල නිවසක් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා , ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ඇතුළු වතු කම්කරුවන් ඊයේ (28) වටලනු ලැබීය.

මෙසේ වටලනු ලැබුවේ කැළණි වැලි සමාගමට අයත් ටිලරි වතුයායේ වතු අධිකාරිවරයාගේ වතු නිවසයි.

ටිලරි වතු යායේ ඉහල කදු මුදුණේ සිට පහලට ගලා බසිනා ජල මුලාශයක් හරස් කරමින් බිලින්කිබොනි වතුයායේ ඉදි කර ඇති තේ පෙති නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට වතු පාලන අධිකාරිය මගින් ජලය ලබා ගැනිමට කටයුතු කිරිමට එරෙහිව එම වතුයායේ වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරි අතර මත භේද ඇති වි තිබුණි.

ජලය ලබා ගැනිම සම්බන්ධයෙන් වතු කම්කරුවන්ගේ දැඩි විරෝධය හමුවේ වතු පාලන අධිකාරිය මගින් තේ කර්මාන්ත ශාලාවට ජලය  ලබාගැනිමට කටයුතු කිරිම හමුවේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවට වතු කම්කරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් මත නොර්වුඩ් ප්‍රාදේශිය සබාවේ සභාපති රවි කොලුන්දුවෙල් මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ටද එම ගැටව විසදිමට මැදිහත් විමට සිදු වුණි.

ටිලරි වතුයායේ සිට පහලට ගලා බසිනා ජල මුලාශ හරස් කර ගනිමින් වතු ගණනාවක වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා බවත්,තේ කර්මාන්ත ශාලාවට ජලය ලබාගත හොත් තමන්ට පානිය ජල ගැටළුවක් ඇති වන නිසා තමන් මෙම විරෝධය පාන බව වතු කම්කරුවන් කියා සිටියි.

හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගය සාංචිමලේ ප්‍රදේශයෙන් අද උදැසන සිට අවහිර කර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ ප්‍රාදේශය සභා මන්ත්‍රිවරුන් ඇතුළු වතු කම්කරුවන් උද්ඝෝෂනය සිදු කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අඩාල විම නිසා පොලිසිය සහ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අතර නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇති විය.

ප්‍රාදේශිය සභාව  සතු  බලතල අනුව එම ජල ව්‍යපෘතිය නතර කරන ලෙසට නොර්වුඩ් ප්‍රාදේශය සභාවේ සභපතිවරයා විසින් වතු අධිකාරිවරයාට ලිඛිතව ලබාදිමට උත්සහ කල නියෝගය වතු අධිකාරිවරයා විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති විය.

පොලිසියේ මැදිහත්විමක් මත එම නියෝගය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් වතු අධිකාරිවරයාට  භාරදිමෙන් අනතුරුව වතු කම්කරුවන් සිය විරෝධය අතහරිනු ලැබින.

– හැටන් රංජිත් රාජපක්ෂ

27 views
Main News