ප‍්‍රියංකර ජයරත්න ඉඩම් කොල්ලකරුවෙක්.. ඔහු ඉවත් වීම යහපාලනයට යහපතක්..

January 18, 2017 at 8:40 am | lanka C news
ප‍්‍රියංකර ජයරත්න ඉඩම් කොල්ලකරුවෙක්.. ඔහු ඉවත් වීම යහපාලනයට යහපතක්..

ආණ්ඩුවේ සිටියත් ආණ්ඩුව අතහැර පැනල ගියත් වංචා දූෂණ පිළිබද විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් ද ඉවත්ව ගිය උදවිය ඒ පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් එෆ්. සී. අයි. ඩී යට බැනවදින්නේ වංචා හා දූෂනවලට සම්බන්ධ පුද්ගලයින් පමණක් බවද ඔහු පවසයි.

ආණමඩුවේ ජනතාවට බෙදා දීමට නියමිතව තිබූ ඉඩම් කට්ටි 06 ක් වාචාකාරී ලෙස ලබා ගනිමින් එහි මාලිගාවක් වැනි නිවසක් ඉදිකළ අමාත්‍යවරයෙකු පසුගියදා ආණ්ඩුව අතහැර ගිය බව රටටම හොදින් දන්නා බවද පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටී. පසුගිය රජය සමයේ මෙම වංචාව සිදු කළ පුද්ගලයා වත්මන් ආණ්ඩුවට එක්වූයේ එම වරද යට ගැසීමට බවත් එම වුවමනාව ඉටු නොවන තැන ආණ‍්ඩුවෙන් ඉවත්වී එෆ්. සී. අයි. ඩී යට බැන වදිමින් පුත්තලම වටේ ඇවිදිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙවන්වා දෙයි. එමෙන්ම නීති විරෝධීව සිදු කර ඇති මෙම ඉඩම් මංකොල්ලයට හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතාද සෘජුවම වගකිව යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. දුප්පතුන්ට ලබා දීමට නියමිතව තිබූ මෙම ඉඩම් කට්ටි 06 පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ අමාත්‍යවරයා වෙත ලබා දී ඇත්තේ විමල් වීරවංශගේ පූර්ණ අනුමැතිය හා නියෝග මත බවද රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආඩිගම, කීරියන්කල්ලිය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවසීය.
නිවසක් නැති ඉඩමක් නැති මිනිස්සු වෙනුවෙන් වෙන් කර ඇති ඉඩම් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් තමන් සතු කර ගැනීම කොතරම් ලැජ්ජා විය යුතු කාරණයක්ද.නිවාස සංවර්ධන අධිකාරියද මේවාට වග කියන්න ඕනෑ.

මේ පුද්ගලයා කියනවා දවසක්, මං ඉවත් වුණාම මේ ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වෙනවා කියල. වංචාකරුවන් දූෂීතයින් මේ ආණ්ඩුවේ සිටිය යුතු නෑ. අපි දූෂණයට වංචාවට විරුද්ධයි. ඒ වගේම දූෂිතයින් වංචාකරුවන් අපිට පිළිකුල්. ඒ නිසයි අපි කියන්නේ ඒ වගේ පුද්ගලයින් යහපාලනය නොගැලපෙන බව. වාංචාකරුවන් දූෂිතයින් පිරිවරාගෙන ආණ්ඩුවේ ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කළ යුතු නෑ. අපි උත්සාහ කළ යුතු වන්නේ දූෂිතයින් වංචාකරුවන්ගෙන් තොර ආණ්ඩුවක් නිර්මාණය කරන්නටයි.

ඊයේ පෙරේදා අයින් වුණු කෙනාගෙ අරමුණ වුණේ ඔහු විසින් සිදු කර තිබූ වංචා දූෂණ පිළිබද විමර්ශන 06 ක් යටපත් කරවා ගැනීමයි. ඒත් මේ ආණ්ඩුවෙන් ඒකට ඉඩක් ලැබුණේ නැහැ. ආණ්ඩුවට පැමිණීම පරීක්ෂන යට ගැසීමට සුදුසුකමක් නෙමෙයි. අපි එහෙම වෙන්න ඉඩ තියන්නෙත් නෑ.

මාධ්‍ය ඒකකය,
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය.

4 views

6 Comments to “ප‍්‍රියංකර ජයරත්න ඉඩම් කොල්ලකරුවෙක්.. ඔහු ඉවත් වීම යහපාලනයට යහපතක්..”

  1. fass says:

    Ithin booru puthe un illa aswenakamma umba ai hitiye, kalinma thappulanna thibunanne..

  2. Boo says:

    මූ කියන විදිහට යමෙක් අද ආණ්ඩුවේ ඉන්නේ තමන් කල වැරදි යටගහගන්න නං , මූත් ඒ ගණයටම වැටෙනවා. මූත් ආණ්ඩුවේ එල්ලිලා ඉන්නේ මුගේ හොරකම් වහගන්න බව දැන් තේරෙනවා.

    • somapala says:

      කවුද මේ කතාකරන්නේ. පරන කොස්තපල් කෙනෙක් නේද. අර කරන්න වැඩක් ලොක්ක දීල නෑ කිය කිය නාහෙන් අඬ අඬ හිටිය මෑන් නේද මේ. ලොක්ක පිට රට යන්න ඉස්සෙල්ල කියල යන්න ඇති මඩගහල තියන්න කියල මිනිහ එනකොට

  3. kamasiri Kuruwita says:

    අනේ රන්ගේයෝ , නිකන් මිනිස්සු හිනස්සන බයිලා නොකියා හිටහන්. පි. ජයරත්න එක්ක අවුරුදු දෙකක් මගුල් කෑව කිසි සද්දක් නැහැ. මිනිහ පැන්න විතරයි උඹලට වැරදි පෙන්න පටන් ගන්නවා. මිනිහෝ ,ජනතාව උගේ හැටිත් දන්නවා උඹේ හැටිත් දන්නවා.

  4. koskola UNP says:

    Innakota hondai

  5. openmind says:

    koi welawe hari dooshana penweema hondai

Main News