‘ප‍්‍රියතම මන්ත‍්‍රීතුමනි උපවාසය නවතන්න’ විමල් දණ නැමූ මහ නාහිමිගේ අත් අකුරින් ලියු හැගුම්බර ලිපිය මෙන්න..

March 30, 2017 at 12:40 pm | lanka C news
‘ප‍්‍රියතම මන්ත‍්‍රීතුමනි උපවාසය නවතන්න’ විමල් දණ නැමූ මහ නාහිමිගේ අත් අකුරින් ලියු හැගුම්බර ලිපිය මෙන්න..

රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහනාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි අනුනාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිෙමින්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පුරා දින 09ක් තිස්සේ ගෙන ගිය සිය උපවාස ක‍්‍රියාමාර්ගය අත්හැරීමට එකග විය.

දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය අද(30) ජාතික රෝහලේ වාට්ටු අංක 45හි රඳවා සිටින විමල් වීරවංශ මහතාට සෙත් පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව ඉහත කී මහානාහිමිවරුන්ගේ ඉල්ලීම් රැුගත් ලිපි භාර දුන්හ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් වන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන ඇතුළු මහජන නියෝජතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මහානායක හිමිවරුන් විසින් යොමුකරන ලද ලිපි දෙක මේ සමග වේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

938 views
Main News