ඵලදායකත්වය අඩු සිනොවැක් මාත‍්‍රා මිලියන 13ක් මිලට ගන්න යයි.. සෞඛ්‍ය අංශ දැඩි විරෝධය..

July 29, 2021 at 11:20 am | lanka C news
ඵලදායකත්වය අඩු සිනොවැක් මාත‍්‍රා මිලියන 13ක් මිලට ගන්න යයි.. සෞඛ්‍ය අංශ දැඩි විරෝධය..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අඩු ප්‍රතිඵල දායකත්වයක් පෙන්නුම් කරන චීනයේ සිෙනාවක් එන්නත් මාත්‍රා මිලියන 13ක් එක් මාත්‍රාවක් ඩොලර් 15 ක මිල ගණන් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

වෙනත් එන්නත් සඳහා ගෙවන මිල හා සසඳන විට මෙම මිල ගණන් ඉහළ අගයක් බව සෞඛ්‍ය විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

එම එන්නත් මාත‍්‍රා විශාල ගණනක් මෙසේ මිලට ගැනීමට රජය ගෙන ඇති තීරණයට සෞඛ්‍ය විශේෂඥයන් දැඩි විරෝධය රජය වෙත එල්ල කරමින් ඇතැයි ද එම වාර්තාව තව දුරටත් කියා සිටී.

මේ සම්බන්දයෙන් කල විමසීමකදී ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍යය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ සිනොවැක් එන්නත මිලට ගැනීම සදහා මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

26,501 views

11 Comments to “ඵලදායකත්වය අඩු සිනොවැක් මාත‍්‍රා මිලියන 13ක් මිලට ගන්න යයි.. සෞඛ්‍ය අංශ දැඩි විරෝධය..”

  1. Saman says:

    Pattapal boruwak

  2. Covid Appuhamy says:

    If possible we should try to purchase Pfizer vaccination even at the same price.

  3. රංජිත් says:

    daily mirror රනිල්ගේ පච පත්තරේ

  4. බන්ඩා says:

    ඇස්ට්‍ර දෙවන මාත්‍රාව නැතුව මාස 6 ක් බලන් හිටියා මුන්ට මතක නැහැ.

  5. බන්ඩා says:

    ඇස්ට්‍ර දෙවන මාත්‍රාව නැතුව මාස 6 ක් බලන් හිටියා මුන්ට මතක නැහැ.බිලියන 1.5 ක චීනුන්ට වැඩ කරනවා නම් අපට වැඩ නොකරන්න විදිහක් නැහැ.

  6. කැලණියේ නයා says:

    දෙරණ නිවුස් වලින් ලෝකෙ දකින බයි මල්ලිලා පොඩ්ඩක් හොයා බලන්න චීන එන්නත් අත් හදා බලපු පාවිච්චි කරපු මැදපෙරදිග රටවල් අග්නිදිග ආසියා රටවල් එන්නත් දෙකම ගත් අයට රෝගය ආසාදනය වීම වැඩිවීම නිසා චීන එන්නත් දැන් පාවිච්චි කරන්නෙ නෑ ෆයිසර් මොඩර්නා සහ ජොන්සන් තමා භාවිතය.ඉතින් පෝසත් රටවලට විකුණ ගන්න බැරුව වේලි වේලි තියෙන කල් පනින්න ළඟ ස්ටොක් ටික දෙන්න පුලුවන් හොදම එකා තමා තමුන්ගෙ ණය කාරයා පොලිය වත් ගෙවා ගන්න බැරුව අමාරුවෙන් ඉන්න එකා ආයෙ බෑ කියන්නද ?

  7. Neo says:

    ඕක හදන්නේ ලන්කාවේ. ඊලග අවුරුද්දේ ඉදන් booster shot ගහන්න උනොත් ඒකට හොද විකල්පයක් ඕක. නැතුව අවුරුද්ද ගානේ pfizer ගහන්න ඔය කියන සෞක්ය අන්ශ සල්ලි දෙනවද දන්නෙ නෑ.

    • LalithM says:

      ඔඩොක්කු කුක්කෙක්. කටුයි ජරාවයි විතරද කන්නේ.

Main News