බංකු පද්ධතිය කඩා වැටීමේ තත්වයක.. ජනතාවගේ මුදල්වලට මොකද වෙන්නේ..

June 21, 2021 at 10:40 am | lanka C news
බංකු පද්ධතිය කඩා වැටීමේ තත්වයක.. ජනතාවගේ මුදල්වලට මොකද වෙන්නේ..

ඉන්ධන මිල ඉහළ නොදැම්මේ නම් මෙරට බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන දෙදෙනාම තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු විමසා සිටින්නේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් තිබේ නම් ඒවායේ තැන්පත් කර ඇති ජනතාවගේ තැන්පතු මුදල් වලට කුමක් වන්නේදැයි රජය පැහැදිලි කළ යුතු බවයි.

මෙම ආර්ථික තත්ත්වය පාලනය කරගත නොහැකි නම් එය කළ හැකි පිරිසකට භාර දෙන ලෙසත් නොඑසේ නම් ආණ්ඩුවට ගෙදර ගොස් වෙනත් කණ්ඩායමකට රට භාර දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

64,905 views

28 Comments to “බංකු පද්ධතිය කඩා වැටීමේ තත්වයක.. ජනතාවගේ මුදල්වලට මොකද වෙන්නේ..”

  1. ටෙලිෆෝන් කබ්බට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    ගොන් ආචාරියා.

    • ශිරා says:

      ඔව් බං මුන් එක්ක බලද්දී අපේ පොහොට්ටුවේ ඉන්න රොහිත අබේ, ලන්සා, මහින්දානන්ද වගේ ලොකු ලොකු අමතිකම් කරන ලොක්කෝත් එක්ක අපේ රට හොද ගමනක් යයි

  2. hira says:

    Mun tika korala giye shock ekata. kalakanni .

  3. LalithM says:

    රටේ තත්වය බොහෝ දෙනෙක් දැන් දන්නවා. ඒත් මේ සමහරක් අය ලියන දේවල් වලින් පෙනෙන්නේ අපේ පාලකයන් දෙවියන් කියලා අන්ධ වී ඉන්න බවයි.මේ ලොකු ලොක්කෝ කවුරුත් පොදු ජන හිතසුව පිණිස වැඩ කරන අය නොවෙයි. උන්ගේ අවශ්‍යතාවය පලමුව අපි මලත්. ලොක්කෝ හම්බ කරන්නේ මොන රැකියාවක් කරලද කියලා හොයාගන්න.

  4. KP says:

    රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කෙනෙකුට දෙන්න ලු… අපිත් ඡන්ද දායකයො හැටියට එහෙම අයව තාම හොයනවා…. මොකද එ් අර පුළුවන් කෙනා හර්ෂලා ඉන්න පිලේ නං නෑ කියලා අපි ගිය අවුරුද්ද වෙනකම්ම අත් වින්ඳනේ… මේ රට ඇප්ගනිස්තානෙ ගානට වට්ටලා නෙ ගියේ!

  5. නාමරත්න says:

    මේ මහත්තයා කලින් ලංකරගෙන හිටිය ‌පොලොවේ පය නොගහපු උපදේශක සෙට් එක තවමත් මෙතුමා අන්දවමින් සිටීද?