බංකොලොත්කම අතේ දුරින්.. කෝටි 5000ක නොගෙවූ බිල් ගෙවන්න සල්ලි නෑ..

October 23, 2019 at 5:30 pm | lanka C news
බංකොලොත්කම අතේ දුරින්.. කෝටි 5000ක නොගෙවූ බිල් ගෙවන්න සල්ලි නෑ..

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය, මහාමාර්ග සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවලින් බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1350ක පමණ මුදලක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1100ක පමණ මුලක් ද මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අමාත්‍යාංශවලින් ඉකුත් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් මෙම බිල්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රජයේ අපේක්ෂිත ආදායම් නොලැබීමත්, ණය සීමාවන් ඉක්මවා යාමත් හේතුවෙන් රාජ්‍ය ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉකුත් මැයි මාසයේ දී චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබිණි.

මීට අමතරව පසුගිය මාසයේදීත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රාග්ධන වියදම් තවත් සියයට 10කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් උපදෙස් දුන්නේය.

– lankadeepa

24,950 Viewers

9 Comments to “බංකොලොත්කම අතේ දුරින්.. කෝටි 5000ක නොගෙවූ බිල් ගෙවන්න සල්ලි නෑ..”

  1. Politics says:

    After seeing such a damage done by the present government, it is pathetic to note that there are people who want this government back in action.

    These people are either fools or possessed by the party name and it’s leaders.

    Hay guys get up or you will not have your food and other basic needs around you , if this government come again.
    Don’t take this lightly.

    Please vote for Gota

    • Ayyo says:

      It is Mahinda’s chinese loans that is killing…. When he is back, rest of the world will again shut their doors on us and we will have to go to China for dollars. Then SL will be a buddihst chinese colony by 2030. The current party is useless, but going back to Mahinda is worse. Stop being a slave to Mhinda chinthanaya still and keep looking for someone new. After five years of Yahapalanaya, we are going back to the same choice made in 2005. It was a good choice to battle the tigers at the time, but not anymore. We need someone to unite the country, remove corruption, law and order and bring a modern mentality to SL.

      • Me3 says:

        Just analyse what happened to the country after opening to the Western world.
        The economy got shattered, the development got stalled, the country became poorer.
        In 2015 these fools knew the status of our country’s economy as well as development. They promised to solve all the problems and to bring our country in par with the developed world.
        Now it is in ruins, pathetic.
        Still the carabous who voted to bring this government which has no vision, no strategy, no capability, and most importantly, no love for the country and its people.
        Those countries who promoted LTTE gave safe living for remaining terrorists in their countries. But they didn’t give up their destabilizing tactics. Then they brought in this idiotic bunch.
        I am sure the two local agents of this fiasco will get handsomely rewarded by their masters.

        • Me3 says:

          Still the carabous who voted to bring this government which has no vision, no strategy, no capability, and most importantly, no love for the country and its people, are canvassing to give power to the same inefficient and useless gang.

  2. "ඇමතිලගෙ මාසෙ පඩිය" says:

    නැවැත්තුවනම් ඇමතිලගෙ මාසෙ පඩිය
    ගෙවිය හැක බංකොලොත් නොවි කඩිය
    ගත්තනම් රාජිත ගිනුම ඇදල කඩි මුඩිය
    ඉවරය රටේම ණයද මංගල ගහලම අඩිය

  3. පොඩි එකා says:

    එහෙනං සඡිත් කිව්වේ භාණ්ඩාගාරේ ඕන තරං සල්ලි තියෙනවා කියලා..

    • Dp says:

      මහ බැoකුවේ මුදල් තියෙනවා කියලා මුදල් ඇමති දන්නෙත් නෑ මහ බැoකුවේ අධිපති දන්නෙත් නෑ.සජිත් විතරයි දන්නේ .
      මූට රට ගියොත් නම් විනාසයි.

  4. sunimal says:

    අපේ රට විනාසකල මේ පරයන්ව විනාසයට පත්වේවා ගොටාබය මහින්ද ට අපේ ප්‍රණාමය

  5. Sawumyapala says:

    Ayara mahabhandagare onataram salli tiyanawa kiyuwe sajit Puta. Rate minissu gonnu kiyalane nugat desapalakayange hite.mehema buruwontada ratakoranta denta kiyala apata kiyanne.

Main News