බංකොලොත් ආණ්ඩුවක ඇමතිකම් ගැන සජිත් කියයි….

August 15, 2022 at 8:40 am | lanka C news
බංකොලොත් ආණ්ඩුවක ඇමතිකම් ගැන සජිත් කියයි….

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා 14 දා ඇඹිලිපිටිය තුංකම තෙරුන්නාන්සේ ගම පන්තාරාම විහාරස්ථානයේදී ගැබිණි මවුවරුන් සදහා පෝෂණ මලු බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගී විය.

හේෂා මිත්‍රත්ව පදනම මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙහිදී එම ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් සිය දෙනෙක් සදහා පෝෂණ මලු පරිත්‍යාග කිරීම විපක්ෂනායක වරයා විසින් සිදු කරන ලදී.

විපක්ෂ නායක වරයා කියා සිටියේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට මේ රට ගොඩ නැගීම සදහා හොද කටයුතු වලදී සමගි ජනබලවේගයේ සම්පුර්ණ සහය ලබා දෙන බවත් ඒ වෙනුවෙන් බංකොලොත් ආණ්ඩුවක ඇමතිකම් ලබා ගැනීමට සූදානම් නැති බවයි.

මේ වන විට ගැබිණි මවුවරුන් සදහා ලබාදෙන පෝෂණ මල්ල ආණ්ඩුව විසින් කපා දමා ඇති බවත් ඒ වෙනුවෙන් ඒ වෙන්ුවෙන් ඇමතිවරුන් නඩත්තු කරන වබවද විපක්ෂ නායක වරයා කීය.

සෑම මන්ත්‍රීවරුයෙකුම 225ම එකතුවී ධානපතියන් සම්බන්ධකරගනිමින් ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ල ලබාදීමට කටයුතුකොලොත් එය ආණ්ඩුවටද බරක් නොවන බවත් එය සැමගේ ජාතික වගකීම බවද විපක්ෂනායක වරයා කීය.

– ප්‍රගීත් ජනක

11,144 views

5 Comments to “බංකොලොත් ආණ්ඩුවක ඇමතිකම් ගැන සජිත් කියයි….”

  1. Kata Kaluwa says:

    පාතාලෙට ‘හරක් කටාලා’ එකයි.
    පාර්ලිමේන්තුවට හරක් කටාලා 225යි.

  2. ඡන්ද ප්‍රතිඵල says:

    ඇතැම්
    සිංහල බෞද්ධයන් ජාත්‍යන්තරයට ගෙන යන්නේ ඩයස්ෆෝරා ඩොලර් වලින් නිසා ඒ ඩොලර් වලට කළ නොහැක්කක් නැත. ඒ නිසාම ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් ට කළ හැකි දේශපාලනයක් නොමැත. ඩයස්ෆෝරා භාෂාව ඉංග්‍රීසි වන අතර ඒ සිංහල බෞද්ධයන් ගේ භාෂාවද ඉංග්‍රීසිය.

  3. people says:

    සජිත්ට රට ඉදිරියට යාම ගැන දැක්මක් (vision) නැති වුනාට මේ වගේ නොමිලේ බදු බෙදන වැඩ නම් හොඳට පුළුවන්. සාදු සාදු.

  4. බයිසන් says:

    සජිත්ට කරන්න පුළුවන් සිල්ලර වැඩ විතරයි.

  5. sam says:

    How about now trying to become the Prime Minister of Switzerland?

Main News