බංකොලොත් රටකට ආර්ථික උපකාර කරන්න බෑ.. ගෝටාභය තෙල් ඔ්නෑ නම් පුටින්ට ඇමතිය යුතුයි..- කොළඹ රුසියානු තානාපති

June 21, 2022 at 10:02 pm | lanka C news
බංකොලොත් රටකට ආර්ථික උපකාර කරන්න බෑ.. ගෝටාභය තෙල් ඔ්නෑ නම් පුටින්ට ඇමතිය යුතුයි..- කොළඹ රුසියානු තානාපති

බංකොලොත් වූ රටකට ආර්ථික වශයෙන් උපකාර කිරීමට නොහැකි නමුත් ශ්‍රී ලංකාවේ දැනට ඇති වාතාවරණය මත මානුෂවාදීව උදව් කිරීමට රුසියානු රජය නොපෙනන බව කොළඹ සිටින රුසියානු තානාපති යූරි මැටරි මහතා සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්චා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩාමක් රුසියාවට යවා සාකච්ඡා පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකිවනු ඇතැයි ද රුසියානු තානාපති වරයා සඳහන් කළ බව එම සාකච්ඡාවට සම්බන්ධ වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඉන්දියාවද එරට රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් තම යෝජනා සහිතව මොස්කව් බලා ගොස් සාකච්ඡා කල බවත් ශ‍්‍රී ලංකාවද එවන් සාකච්චා ආරම්භ කිරීම වැදගත් බවද තානාපතිවරයා සඳහන් කර ඇත.

රුසියානු තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ නායකයන් සමග අද පැවැති සාකච්ඡාවකදීය.

එරොෆ්ලොට් ගුවන් යානය රදවා ගැනීමේ සිදුවීම ප්‍රසන්න නොවන තත්වයක් වුවද රුසියානු සංචාරකයන් දැනටත් වෙනත් ගුවන් සේවා මගින් ශ්‍රී ලංකාවට පැමිණියද මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් රුසියානු ජනාධිපතිවරයා අමතා දුරකතනයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව තානාපතිවරයා එහිදී සදහන් කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි(Yury Materiy) අද (2022.06.21) කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දී හමුවූහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

237,127 views

29 Comments to “බංකොලොත් රටකට ආර්ථික උපකාර කරන්න බෑ.. ගෝටාභය තෙල් ඔ්නෑ නම් පුටින්ට ඇමතිය යුතුයි..- කොළඹ රුසියානු තානාපති”

  1. Jagath says:

    කිසිම උපකාරයක් දෙන්න එපා. මුන් මැච් බල බල හිටපු දෙන්. ගොන් හරක් රැළ.

    • Uhuuhu says:

      Minissunta harak penne harak wage..
      Yamekuta minisun penenne harak wage nam u harakeki…

      • Jagath says:

        වහලෙකු ට රාජපක්ෂ පෙන්නේ දෙවියන් ලෙස නම් ඌ අමුම අමු ගොන් බෛයි වහලෙකි.

        • අරික්කාල් මාක්ස් says:

          එමෙන්ම යම් වහලෙකුට අනුර කුමාරව හෝ සජිත් ප්‍රේමදාසව හෝ රනිල් වික්‍රමසිංහව හෝ කූමාර් ගුනරත්නම්ව පේන්නේ ගැලවුම්කාරයෙක් ලෙසටනම් ඔහු හෝ ඇයද අමු මීහරක් වහලෙකි.

    • Match Fixing says:

      ඔසියෝ ෆික්ස් කරපු තරගාවලියක් ගැහුවා මුන්ව ෆෝම් කරලා ගන්න.මුන්ට දැන් තෙල් ගෑස් හාල් මොකුත් ඕනේ නෑ මැච් එක දිනපු එක ඇති.

  2. Genuine says:

    රට හෙට දිනන අද ජනතා සටන:
    ගුණාත්මක තත්ත්වයෙන් ඉහලම තිරිඟු නිශ්පාදකයා සහ ලොව අංක 1 තිරිඟු අපනයනකරුවා රුසියාවය.බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිශ්පාදනයේද අංක 1 ස්ථානය රුසියාවට හිමිය.එහී අනෙක් විශේෂත්වය නම් රුසියන් තෙල්, ගෑස් සහ තිරිඟු පිටි සාපේක්ෂව මිලෙන් අඩු වීමය.
    ඩොලර් නැතිකම අප දෙරට අතර වෙළදාමට බාදාවක් නොවේ. රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලංකාවේ තේ සහ කුළුබඩු සමග හුවමාරුවට ඇති හැකියාව නව ප්‍රවනතාවයකි.ලොව ප්‍රධාන පොහොර නිශ්පාදකයෙක් සහ ලොව අංක 1 පොහොර අපනයනකරුවා වන රුසියාව අපේ වී ගොවිතැන, තේ, එළවළු සහ අනෙකුත් භෝග වගාවන්ට උර දෙනු ඇත.
    මෙතෙක් පැවැති ලංකාවට අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සහ ඒකාධිකාරීන් බිඳ රුසියාවෙන් තෙල්, ගෑස්, තිරිඟු පිටි සහ පොහොර ලාංකික ජනතාවට ලාබෙට සහ අඛන්ඩව ලබා දීමට පොලිට්බියුරෝව (Politburo) සහ මහනුවර මිත්‍රත්ව සාමූහිකය අරඹා ඇති සටන හා එක්වන්න.

  3. GotaGo Russia says:

    GotaGo Russia.!!
    ගෝටා ගෝ රෂියා.
    Request For Help.

    • සිදත් says:

      අනේ මෝඩයො උබ හිතනවාද ගෝල්ෆේස් ගෝගම කාක්කො ඔය විදියට උද්ඝෝෂනය කරයි කියාල?උන් බටහිර රුකඩයෝ උන්ට ගෙවන්නේ යුරෝපේ උන් එනිසා උන් රුසියාවට විරුද්ධයි .උන් වෙඩ කරන්නේ ලංකාවට කෙලවන්න මිසක් මේක ගොඩ දාන්න නෙවෙයි

  4. George says:

    The president has to take the right decision at the right time in the rational persuit of the best interest of the country.

  5. Balana Rala says:

    Our. President is thinking he is the best in the world and he second to none…what he needs to understand is that he needs to speak to the leaders of other countries. Specially Russia, India, China, Japan, Korea, and middle eastern sector. His pride will destroy our country in to a further destruction.
    Gotabaya Rajapaksha needs to understand the ground reality.

  6. Power says:

    රුසියානූ තානාපතිවරයගේ ප්‍රකාශය නියමයි. එහෙම තමයි කරන්න ඕනී. මේ උද්දච්ච ජනාධිපති කිසිම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීමට පවා නොහැකි ජනාධිපතිවරයෙක්. එවැනි ජනාධිපතිවරයෙක් රුසියානූ ජනාධිපතිට දුරකථනයෙන් කතා කරයිද? දුරකථනයෙන් කතා කලොත් රුසියානූ ජනාධිපති අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මෙරට ජනාධිපති ලඟ වෙනම ඩයල් එකක් ඉන්න වෙයි. 😂 මොකද කවුරු හරි ලියලා දෙන එකක් බලාගෙන ජාතිය අමතන ඩයල් එකකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.

  7. පුරුද්ද නැති නිසා says:

    මේ ජනාධිපතිවරයාට එහෙම සාකච්ඡාකොට පුරුද්දක් නැහැ. ඒකට හේතුව රාජපක්ෂවරු සාමාන්‍යයෙන් බුද්ධිමත්කම අඩුයි. පුතාට ඉගෙනීමට ඇති හැකියාව එන්න ඇත්තේ මෙතුමාගෙ බිරිදගෙ පැත්තෙ හැකියාව වෙන්න ඕනෙ. රාජපක්ෂවරු දක්ෂ ජනතාව ඉදිරියෙ නාට්‍යය රගපෑමට සහ හොරකම් සංවිධානයටයි පමණයි.

    • Lalla says:

      ගෝඨාට පුලුවන්ද සාකච්ඡාව. තර්ජනය නම් හැකියි.අනික රාජ්‍ය අතර ගනුදෙනුවලට රාජපක්ෂ පවුල කැමති නැති බව ප්‍රසිද්ධ කාරණයක්.ඔව්හු ඩොලර් කාක්කෝ පමණයි. මේ සාකච්ඡාවට සහභාගි වූ අයම නේද මේ පව්කාර පවුල බලයට ගේන්න රටම ගොනාට ඇන්දවූයේ. දේව ශාපය තවම ඉවර නෑ..

    • Black wolf says:

      Putha koheda yako igena gatte..ananda college giyata ol pass karagatte bohoma amaruwen..eka usa Losangelies wala data entry firm eheka supervisor kenek..u ta athi education ekak naha ,tesla,Ferrari thoyagena inne thathta mehe hahsna gemen..api nodannawa da okunge hati saha okunge keruwawa..🤣🤣🤣

  8. D.Nimal says:

    The Indepandent Opposition parties has taken very positive steps to move Island nation looking forward by talk to Russin Ambassdor is right direction by Block of Oppostions.

  9. john the baptice says:

    අමු ගොන් බයි හැත්ත ගෙනාපු ඇමරිකන් පුරවසියෝ රුසියාවත් එක්ක කතා කරයිද? දැන් ඇමරිකාවත් නෑ රුසියාවත් නෑ.

  10. සිදු says:

    කෝ ඔය ගෝල්ෆේස් උද්ඝෝෂණ පොන්නයි ටික කෝ ?කෑගහපල්ලකෝ රුසියානු තෙල් ගනිව් කියලා නෑ එක කරන්නේ නෑ මොකද ඔය උද්ඝෝෂණ කරන එවුන් ක්‍රියාත්මක වෙන්නේ බටහිර විධාන වලට උන්ගේ බොස්ල තමයි බටහිර තානාපති ලා.උන්ට ගෙවීම් කරන්නේ ඩොලර් ,යුරෝ,පවුම් . ඔන්න මුන්ගේ හෙළුව

    • SKF says:

      ඉතින් උඹට පුලුවන්නේ පුකේ ඇඟිල්ල ගහන් මේකේ කොටන්නැතුව රුසියාවෙන් තෙල් ගන්නෙයි කියල කෑ ගහන්න

Main News