බංගලාදේශ තරඟාවලි පරාජය ගැන කණගාටුයි.. අපේ සැලැස්ම වසර 5-6කින් ජයග‍්‍රහණ ගන්නයි..- නාමල්

May 29, 2021 at 6:20 am | lanka C news
බංගලාදේශ තරඟාවලි පරාජය ගැන කණගාටුයි.. අපේ සැලැස්ම වසර 5-6කින් ජයග‍්‍රහණ ගන්නයි..- නාමල්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩාව දියුණු කිරීමට සකස් කරන ලද දිගුකාලින සැලැස්ම අනුව බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම නවකයන්ට සාධාරණ කාලයක් ලබා දිය යුතු බවත් ඉදිරියේදී ජයග්‍රහණ වලට යා හැකි බව තමන් විශ්වාස කරන බවත් ඔහු පැවැසීය.

බංගලදේශ තරඟාවලිය පරාජය වීම සම්බන්ධයෙන් කණගාටුවක් ඇති බවත් තමන්ට ද අවශ්‍ය ජයග්‍රහණය කිරීමට බවද පවසන ක්‍රීඩා අමාත්‍යවරයා දක්ෂයන්ට නවකයන්ට අවස්ථාව ලබාදීම සඳහා වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.

කෙසේ නමුත් ක්‍රීඩකයන්ද තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දැනගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියි.

දැනට ඉලක්ක වන්නේ වසර 05 කින් හෝ 06කින් ජයග්‍රහණය සදහා යාම බවද ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බංගලදේශ තරඟාවලි පරාජය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

16,765 views

11 Comments to “බංගලාදේශ තරඟාවලි පරාජය ගැන කණගාටුයි.. අපේ සැලැස්ම වසර 5-6කින් ජයග‍්‍රහණ ගන්නයි..- නාමල්”

  1. Qed says:

    ඔව් මාසෙන් දෙකෙන් හදන්න පුලුවන් තත්වෙක නෙවේ ක්‍රිකට් තියෙන්නේ. ක්‍රිකට හදන්නනම් පාසල් ක්‍රිකට් කොලබින් පිටට යන්න ඕනෙ. අනික ක්‍රීඩා සාමාජ වල ක්‍රීඩා කරන ක්‍රීඩකයොන්ට හොද ගෙවීමක් කරන්න ඕනෙ. එතකොට ගම් වල තරුණයෝ මීට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙයි.

    • Nirmal says:

      ප්‍රමෝදය මැදිහත් නොවන්ඩ කන්ඩායමේ නායකත්වයට ඉහලින් යෝජනා කර තිබුනේ කුසල් මෙන්ඩිස් හෝ දසුන් ශානක මේ දෙදෙනා නායකත්වයට තබා කන්ඩායමේ සාමාජිකත්වයටත් සුදුසු නෑ. ක්‍රිකට් වලට කෙල උනේ මේ ආගම් උම්මතකයින්ගෙ පාහර වැඩ.ඒ දවස්වල හරිය කිව්වේ කිසිම බෞද්ධයෙක් කන්ඩායමට ගන්ඩ එපා කියල. උපුල් තරංගට අසන්ත ද මැල් කියන තක්කඩිය කීප වතාවක් තර්ජනය කලා ආගම වෙනස් කරන්ඩ කියල.

  2. Nimesh Rathnayake says:

    2007 ඉඳන් 2014 දක්වා තිබුනු සෑම ODI / T20 ලෝක කුසලාන තරඟාවලියකම අවසන් තරඟෙට එන්න අපිට පුලුවන් වුනා. 2014 මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් කාලය වෙද්දි  ලෝක කුසලානය සහ ආසියානු කුසලානයත් දිනලා අපි ක්‍රිකට් ක්‍රීඩාවේ  ලෝකෙ ඉහලම තැනක හිටියා. නමුත් 2019 යහපාලනේ අවසන් වෙද්දී  අපේ රටේ අනෙක් දේවල් වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් පහලටම වැටිලා තිබුනේ.  නාමල් ඇමතිතුමාගේ වැඩ පිලිවෙල ඉදිරියටම ගෙනගොස් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම අනෙකුත් ක්‍රීඩාත් නැවත ජයග්‍රාහී මාවතට ගෙන ඒමට  ලැබේවා. 

    • Loku putha says:

      නාමල් ඇමතිතුමා වැනි ජාතික / ජාත්යන්තර මට්ටමේ ක්‍රීඩා අත්දැකීම් ඇති කෙනෙක් අපේ රටේ ක්‍රීඩා ඇමති වීම අපේ රටේ වාසනාවක්. ගාමිණි දිසානායක මහත්තයගෙන් පසුව අපේ රටේ  බිහි වුනු හොඳම ක්‍රීඩා ඇමති විදියට අපි දකින්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්වෙන් ගොඩ ගන්න එතුමාට ඇති දැක්ම ප්‍රශංශනීයයි.

      • අපි නොදන්න චෙස් says:

        ” ජාත්යන්තර මට්ටමේ ක්‍රීඩා අත්දැකීම් ඇති කෙනෙක් ” කිව්වේ..?? අර යුක්රේන් රුසියන් බඩු කේස් එක ගැනද ? පොඩ්ඩක් පැහැදිලි කරානම්. මොකෝ අපි දන්න ජ්යත්යන්තරය එච්චරයි. නෙත්නම් මේ කුහක විපක්ෂේ ඕකට අවලන් කතා හදන්න බැරි කමක් නැහැ.

  3. සිහිය says:

    හිතං ඇති 2024 පස්සෙ ත් ලංකාවෙ ආණ්ඩු කරන්න.

  4. Sagara says:

    නාමල් මහත්තයෝ මේ ක්‍රිකට් වලපල්ලටම යැව්වේ බෝන් එගේන් හා අන්‍යගමික තක්කඩින් අතට ක්‍රිකට් පාලනය ගිය නිසා. ඔහුන්ට අවස්‍ය උනේ තරග ජයග්‍රහණයවත් ක්‍රීඩාවේ අභිවුර්ඩියවත් නොව හොරා කෑම සහ ක්‍රීඩාවේ මුවාවෙන් අන්‍යගමිකකරණයයි. ක්‍රීඩකයින්ගේ සාරධර්ම විනාශකොට විනය බිංදුවටම වැටුන. විනය කොතරම් පිරීහුනාද යත් කන්ඩායම නායකත්වය සදහා තම බිරිද පවා ඇමතිට දීමට ඇතැම් ක්‍රීඩකයින් පෙලබුනා. කන්ඩායමේ වයිද්‍යවරිය සමග ක්‍රීඩකයින් සංවාසයේ යෙදීම සාමන්‍ය දෙයක් බවට පත් උනා. පිරිත් සජ්ජායනාකර සංචාර පිටත් උන කන්ඩායම බුදුපිලිම පොලවේ ගසා සංචාර පිටත්වෙන තත්වයට පත් උනා .මේවාට අනුබල දුන් අය ඉහල දේශපාලන පවුල් සමග සම්බන්ද අය. නාමල් ඇමති තුමෝ තාමත් ඒ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඔබ අදහන නියම ආගම කුමක් දැයි මේ රටේ ජනතාවට පැහැදිලි මදි කුමන ආගමක් ඇදැ උවත් අපට ප්‍රශ්ණයක් නෑ ඒ ඔබේ අයිතියක්. නමුත් ක්‍රිකට් කියන්නේ මේ රටට ලැබුනු සම්පතක් මෙන්ම නිල නොලත් ජාතික ක්‍රීඩාව එය රැක ගැනීම ඇමතිවරයෙක් හැටියට ඔබ්ගේ යුතුකමක්. බොහෝ දුරට ඔබ මේ අමාත්‍ය දූරය හසුරවන විදිහට ඔබේ දේශපාලන ඉදිරි ගමනත් තීරණය වන බව අමතක කරන්ඩ එපා .

  5. ඇල්ෆා ටෝක් සීන් says:

    ඒක තමයි කිව්වේ බල්ල ගේ වැඩේ බල්ල කරලා බුරුවගේ වැඩේ බූරුවා ට කරන්න ඉඩ දෙන්න කියලා. මිනිස්සු න්ගේ සල්ලි වලින් පඩි අරන් රටට බරක් වෙච්ච කාලකණි හැත්ත. පාලකයෝ ඉන්නේ වරප්‍රසාද ලබා ගන්න පමණයි. සුඩානය සෝමාලියාව කොන්ගොව සිම්බාබ්වේ ඉතියෝපිය වගේ ගෝත්‍රික රටක් මේක.

  6. Lakmal says:

    ඊයේ දිනයේ මා තරගවලිය නැරබුවා. ඔහුන් විශිශ්ට තරග කලා. මුල් තරග දෙකේදී කාසියේ වාසියේ ලබාගැනීමට ලැබුනානම් තරගාවලියේ ප්‍රතිපල වෙනස්වීමට බොහෝසේ ඉඩ තිබුන. කුසල්ගේ නායකත්වය අති විෂිශ්ටයි. ලකුණු ලබාගැනීමට දුශ්කර පිච් එකක් උනත් ඔහුගේ දක්ශතාවය නිසාම ශතකයක් වාර්තාකල. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා විචාරක රසල් අර්නොල්ඩ් සිටිද්දී කන්ඩායමට විනකරන බෝන් එගේන් අපතය විස්තර විචාරය සදහා රැගෙන යාම විමතියට කරුනක්. ලංකා ක්‍රීඩකයෙක් දැවී යනවිට මේ අපතයට ඇතිවන්නේ. පුදුම සතුටක්. ඒ බව සියලුම දෙනාට වැටහුනා. මේ අපතය වර්ණාකරන්නේ උගේ බෝන් එගේන් කල්ලියේ සෙට් එක පමනයි. දික්වැල්ල පිටිය මැද්දේ කුරුසේ ගහනකොට ඉතාම සමීප දසුන් පෙන්වීමට මේ අපතය පාලක මැදිරියට කියනව. අන්තිමට තටමල ලකුනු හතක් ගහල ගියා. මුන් ආගමටත් අපහාස කරනවා .

  7. නිල් බලකාය says:

    එතකොට බඩුම තමයි .

  8. gate says:

    me wage aurudu 05k 6k cricket hadanna yanwa kiyanne , munta kalpayakatawath ratak sanwardanya karanna be, meke coment dapu un godak un cricket rellata balana un kiyala mata hithenne mokada lankawa teset wrama labala aurudu 10k yanna kalin world cup winners une, dan me match 1n match1ta cap maru karala aluth kridakayo genalla mun hadanne, namalge lamainta natioanl team gahanna awasthawa hadana 1a