බංග්ලාදේශය දෙන සහායට ජනාධිපති ස්තුති කරයි…
June 24, 2022 at 2:07 am | lanka C news
දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබේ. එමගින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් (Tareq Ariful Islam) මහතා පවසයි.
23 පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 2022 දී 50 වසරක් සපිරේ. මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකටම හැකි විය. පවතින ආර්ථික අර්බුදයේ දී ද බංග්ලාදේශය ලබාදෙන සහාය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.
වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කරනු ලැබීය.
– ජනාධිපති මාධ්‍ය අංශය
නෝනා, මට කියක් හරි දීල යන්න, මගේ මිඉස්සුන්ට කන්න නෑ , මන් උදේට කෑවෙත් නෑ, මිනිස්සුන්ට පෙට්‍රලුත් නැ,
අපේ රට මේ තත්වයට පත් කලාට ලැජ්ජාවෙන්න ඕනේ මේ කාලකන්නි .