බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාවට අන්ත පරාජයක්..

September 16, 2018 at 6:22 am | lanka C news
බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාවට අන්ත පරාජයක්..

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා හා බංග්ලා දේශය අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලු දෙනාම දැවී ලකුණු 260 එකක් ලබා ගත්තේය.

කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග දක්ෂ පන්දු යෑමක් පෙන්නුම් කරමින් පන්දු වාර 10 තුලදී ලකුණු 23ක් පමණක් ලබාදී කඩුළු 04ක් දවාලීය.

පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 124 පමණි.

ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 137ක ජයක් හිමිවිය.

106 views
Main News