බංග්ලාදේශ ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 03කට කොරෝනා.. චමින්ද වාස්ද ආසාදිතතයි.. පලමු තරගය අදයි…

May 23, 2021 at 10:00 am | lanka C news
බංග්ලාදේශ ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 03කට කොරෝනා.. චමින්ද වාස්ද ආසාදිතතයි.. පලමු තරගය අදයි…

බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවකු සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදන වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සහ ක‍්‍රීඩකයන් වන ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු මෙසේ ආසාදිත වී ඇතැයි ඔවුනට සිදු කරන ලද පලමු පරීක්‍ෂාවේදි හෙලි වි ඇත.

කෙසේ වෙතත් දෙවැනි පරීක්‍ෂණයේදී හෙලිව ඇත්තේ ශිරාන් ප‍්‍රනාන්දු පමණක් ආසාදිත බවය.

කෙසේ වෙතත් සැලසුම් කල පරිදි තරගාවලිය පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියා සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරග තුනක් සඳහා මෙහිදී සහභාගි වීමට නියමිත අතර අද එහි පළමු තරගය ඩකා හිදී ආරම්භ වෙයි.

27,765 views

13 Comments to “බංග්ලාදේශ ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 03කට කොරෝනා.. චමින්ද වාස්ද ආසාදිතතයි.. පලමු තරගය අදයි…”

  1. තර්ඩ් අම්පයර් says:

    මේ ගොල්ලෝ ආයේ ලංකාවට එන්නෙ ” කොරෝනා නව ප්‍රභේද ” එක්ක නෙවෙයි කියලා කාට හරි විශ්වාසයෙන් කියන්න පුළුවනිද ? මෙච්චර අවධානම් කාලෙත් බෝල ගහන්න තියෙන උවමනාවක්.

    • SL says:

      අවධානම් කියල මේ අවුරුදු එකහමාර අස්සේ

      1.ගොවියෝ ගොවිතැන් නොකලා නම්
      2.ඇඟලුම් කර්මාන්ත වල කෙල්ලෝ වැඩට නොගියා නම්
      3.විදුලි බලමන්ඩලේ උන් වැඩ නොකලා නම්.
      4.ටෙලෙකොම් උන් වැඩ නොකලා නම්

      මෙකි නොකී කිසිම දෙයක් නොකර හිටියානම් ,බොට 5000 හේ බඩු මල්ල ගෙදරට නොආවනම් තෝ කියයි වෙන හබ්බයක්….

      හැදියන් !!

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පවි හතර අතේ වනනවා පිස්සුවෙන් යකෝ දොස්තරලා නර්ස්ලා ඔහොම හිතුවනමි කොහොම තියේද? කියපංකෝ බොලාගේ හාමිපුතාලට තැන තැන පච ගගහා ඇවිදින්නේ නැතුව ගෙදරට වෙලා ඉන්ඩ කියලා

  2. Dilan says:

    මාර වැඩේ.

    • Saradiel says:

      රෝගීවූ සැමට ඉක්මන් සුවය ලැබේවා …මෙවැනි අවස්ථාවක බංගලාදේශයට යෑම අනතුරුදායක බව ආණ්ඩුව වටහා නොගැනීම කනගාටුවට කරුණකි ….

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රටම කොරෝනාවෙන් කෙලෝ ගන්න වෙලාවෙ මොනවද බන් මේ කරන්නෙ අපිට මේ රටේ බන්ගලි වර්ෂන් එකේ වයිරස් එක විතරයි අඩු දූෂිත ක්‍රිකට් බෝඩ් එකෙන් ඒකත් ගෙනල්ල දෙයි.අර තඩි ප්‍රසාට මෙව්ව පෙන්නහල්ල කවුරු හරි වහලෙක් බුබුලු ක්‍රමේ කිය කියා උඩ දැම්මට බුබුලුත් පුපුරනව කියන එකට මේ හොදම උදාහරණයක්.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      කොරෝනා බංගලි වර්සන් ඉල නෑ ඔීයි……………… පවි මුට. හෙට අනිද්දට මු කියයි කන්ඩ බොන්ඩ් එපා කියලා

  4. Sanjaya Mahesh says:

    කොහොමත් පරදින එකනෙ…නිරෝදායන වෙලා ඉඳල ආපහු ගෙවල් වලට වරෙල්ලා

    • John the baptice says:

      තම්බි තොප්පිය කරකවන්නේ නැතුව හිටු.. මොහොමඩ් නමට ලජ්ජද ?

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මහේෂ කියලා බොරැ නමින් ලියපු බත්බැලයා වෙත. මෙික බොරැ උනාම උඹට තවත් පිස්සු තද වෙයි. යකෝ මෙතන දේසපාලනේ නෑ බං මුං සෙල්ලං කරන්නේ රටවෙනුවේ එතන JVP, SJB, UNP, SLMF පොහොටිටු කතා නෑ. සක්කිලියෙක් වෙලා ඉපදුනාට ඒ ගති පෙන්නන්ඩ එපා බං

  5. Kalana says:

    ඉක්මන් සුව පතමු.

  6. ක්‍රිකට් චූන් says:

    නැව ගිලුනත් ක්‍රිකට් චූන්..

  7. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    මේ මොන පිස්සු යක්කුද ???? මුංට මොන අමරුවක්ද ??? මේ වෙලාවේ ක්‍රිකට් ගහන්න බංගලිදේශයට යන්නෙ . තොපි මලත් කමක් නැහැ.. අහිංසක මිනිස්සුන්ට වයිරස් අරන් ලංකාවට එන්න එපා. මෙච්චර ව්‍යසනයක් වෙලත් ක්‍රිකට් ගහන්න අමාරුව… තු විතරක් . මේ වගේ මෝඩ අමන ජාතියක්.