බංග්ලාදේශ පොකුරක් ඇවිලේ… තවත් 19කට කොරෝනා…

June 27, 2020 at 3:00 pm | lanka C news
බංග්ලාදේශ පොකුරක් ඇවිලේ… තවත් 19කට කොරෝනා…

අද පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු වාර්තා වී තිබේ.

ඒ සියලු දෙනාම බංගලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයන්ය.

මෙම පිරිස ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2033 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද පෙරවරු 10.00 ට අවසන් වූ පැය 24ක කාලයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයන් 20 දෙනකු පූර්ණ ලෙස සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ සමගම මෙරට සුව වූ ආසාදිත ප‍්‍රමාණය 1639 දක්වා ඉහල යයි.

303 views
Main News