බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නාය යයි.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයේ ගිලී යයි..[Video]

October 15, 2018 at 12:40 pm | lanka C news
බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නාය යයි.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයේ ගිලී යයි..[Video]

නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද (15) උදැසන 11.30 පමණ කාසල්රි ජාලාශයට  ඇදි ගොස් ජලාශයේ තැන්පත් වි ඇත.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර්ගයේ කොටසක් හා  නිවාස පහක් නායයාමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල්  5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කරනු ලැබුවා.

අද (14) උදැසන වන විට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබු අතර උදැසන 11.30 පමණ මාර්ගයට ඉහලින් වු  විශාල  පස් කන්දක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රි ජලාශයට ඇදි ගොස් ජාලාශයේ තැන්පත් වි  ඇත.

ඒ අසලම තවත් නිවාස කිහිපයක් නායයාමට  සක්‍රිය වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

28,796 Viewers

5 Comments to “බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නාය යයි.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයේ ගිලී යයි..[Video]”

  1. Ajith says:

    බලන්න තේ වගාවන්ට ග්ලයිකොපොස්පේට් බාවිතා කරන එකෙන් සිදුවන විපත. අපි දන්නවා වී කුබුරු වලට එක කන්නෙකදී ග්ලයිකොපොස්පේට් යෙදුවොහොත් ඊට පසු කන්න 4 ක් 5ක් යනකන් වේලි බඳින්න බැහැ ඔක්කම නියරවල් කඩාවැටෙනවා. එදෙයම තමයි මෙත් සිද්ධවෙලා තියෙන්නේ. ග්ලයිකොපොස්පේට් වලින් පස් වල ඇති ඇලෙන ගතිය නැතිනම් බන්ධන සොභාවය නැති වෙනවා. අපි අත් දැකීමෙන් මෙය දන්නවා. ඒත් ලංකාවේ දෙසපාලුවන්ට ඕනෑ සල්ලි විතරයි. සල්ලී වලට ඕනෑම ජරාවක් රටට වද්දා ගන්නවා. ජාතියේ පවට උපන් කාලකන්නි උගතුන් යයි කියාගන්නා ආචාර්ය මහාචාර්ය වරුත් ඒවාට අනුබල දෙනවා. මේවා දෙවියන්ටවත් පෙනේවා! කියලා තමයි අපට කියන්න තියෙන්නේ.

  2. Love nature says:

    යමපාලනය ඉන්න කන් මෙවෙනි දේ ඇතිවෙනවා

    • ගිරවා says:

      මුළු රටම නාය යන දවස වැඩි ඈතක නැහැ ..මේ ජඩපාලනය නෙරපා අපේ රට බේරාගනිව් මිනිසුනේ

  3. Perera says:

    Mara ge ashchariye prathipala

Main News