බටලන්ද සිහිගන්වමින් දේශපාලන පළිගැනිමකට තංගල්ල පොලිසියේ වධකාගාරයකදී අංහිසකයෙක්ට දස වද දෙයි… [Video]

March 2, 2019 at 3:33 am | lanka C news
බටලන්ද සිහිගන්වමින් දේශපාලන පළිගැනිමකට තංගල්ල පොලිසියේ වධකාගාරයකදී අංහිසකයෙක්ට දස වද දෙයි… [Video]

mahinda.info වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

කට්ටඩිගේ තිළිණ කසුන් යනු තංගල්ල ප්‍රදේශයේ ජීවත් වෙන තමන්ගේ පාඩුවේ ‍රැකියාව කරගත් ධීවරයෙකි. පසුගිය 2018 දෙසැම්බර් මාසයේදී තංගල්ල පොලිසියෙන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන දින 9 ක් තිස්සේ කෲර ලෙස පහර දෙමින් ආහාරවත් හරි හැටියට නොදී රඳවා තබාගෙන ඇත.

ඉන් අනතුරුව තංගල්ල වරාය තුළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මිය ගිය 4 දෙනෙකුගේ සිද්ධියට අදාලව තමන් මහ මොළකරු ලෙස පිළිගන්නා ලෙසටත්, එය සිදු කළේ දකුණු පළාත්සභා අමාත්‍ය ඩීවී උපුල් මහතාගේ උවමනාවට යැයි ප්‍රකාශ කරන ලෙසටත් බල කරමින් තංගල්ල පොලීසියෙන් මෙසේ තිළිණ කසුන්ට පොලිස් වධකාගාරය තුළදී දිගින් දිගටම පහර දෙමින් මරණ තර්ජන කර ඇත.

පොලිසියෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයෙක්ව පැය 24 ක් තුළ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතු වුවද, තිළිණ කසුන්ව එසේ ඉදිරිපත් කරනවා තබා ඔහු ගැන පොලිස් සටහනක් හෝ තබා නැත.

වාසනාවකට මෙන් 2019 ජනවාරි 18 වන දිනදී තංගල්ල පොලිසියේ වධකාගාරයෙන් ගැලවී යාමට ඔහුට හැකියාව ලැබෙන අතර, ඔහු විසින් SCREF77-2019 නැමැති මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත. යම් ලෙසකින් ඔහුට පොලිස් අත් අඩංගුවෙන් බේරී යාමට නොහැකි වන්නට ඔහු මේ වන විට මරණයට පත් වී තිබෙනු ඇත. ආයුධ පෙන්වීමට ගෙන ගියා කියන්නේ මෙවන් සිදුවීම් වලටය.

තිළිණ කසුන්ගේ මව සේවය කරන්නේ ස්විස්ටර්ලන්තයේ වන අතර, තිළිණ කසුන්ව සොයා දෙන මෙන් පොලිසිය විසින් ඇයට අමතා ඇත. එහිදී පොලිසිය විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳව තහවුරු වෙන හඬ පට මෙම ලිපිය සමග දක්වා තිබේ.

එසේම මේ සමග දක්වා ඇති එක් හඬ පටයකින් පොලිස් පරීක්ෂක විජේතුංග විසින් පාපොච්චාරණය කරන්නේ ඔහු හොරණ බල ප්‍රදේශයේ සේවය කරද්දී ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑම මත අහිංසක පුද්ගලෙකුට බෝම්බයක් දැම්ම බවත් ඒ වෙලේවේ එකී පුද්ගලයා මහ හයියෙන් ඇඬූ බවත් ය. මෙලෙස හඬ පට මගින් සාක්ෂි තිබියදී, අදාල පොලිස් පරීක්ෂකවරයාට ලැබන දඬුවම වන්නේ හුදු ස්ථාන මාරුවක් පමණක් නම්, පොලිසිය යනු ආණ්ඩුවේ ලයිසන් සහිත පාතාල කණ්ඩායමක් යැයි ජනතාවට වැටහෙනු ඇත.

පොලිසිය විසින් මෑත කාලයේදී කරන ලද අපරාධ ‍රැල්ල අතුරින් මෙය එකක් පමණි. මීට පෙරද ඩීවී චානක මන්ත්‍රීතුමන්ගේ වාහනයට කිසියම් දෙයක් දැමීමට දේශපාලන බලපෑමක් මත පොලිසියෙන් කුමන්ත්‍රණය කර තිබී හසුවූ අතර ඒ සම්බන්ධයෙන් නඩු පවරා ඇත. එතුමන්ගේ පියා වන දකුණු පළාත්සභා අමාත්‍ය ඩීවී උපුල් මහතාව හසු කිරීම සඳහා මෙලෙස පුද්ගලයෙකුව පොලිස් වධකාගාරයක රඳවාගෙන මරණ තර්ජනය කරමින් පහර දීම පසුපසත් කිසියම් දේශපාලන බලපෑමක් ඇති බවට පෙනී යයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති 1988/1989 කාලයේදී බටලන්ද යුගය ආරම්භ වූයේත් මේ අයුරින් වන අතර, දිගින් දිගටම පොලිසිය යොදා ගනිමින් දේශපාලන පලිගැනීම් සිදුකිරීම මගින් ඉදීරියේදී සිදුවන්නට යන අන්තරාය ගැන ජනතාවගේ අවධානය යොමු විය යුතුය.

තංගල්ල පොලිසියේ මෙම අපරාධය සම්බන්ධයෙන් නීතීඥවරුන් කළ පැහැදිළි කිරීම සහ අදාල සාක්ෂි හඬ පට පහතින්.

– mahinda.info

"දකුණු පලාතේ රත්ගම වැනි තවත් නීති විරෝධී පොලිස් වධකාගාර තිබේද? ඒ ගැන සත්‍යය ගවේෂකයින්ගේ හෙලිදරව්ව නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත – කැදවුම්කරු සත්‍යය ගවේෂකයෝ සංවිධානය

Gepostet von Premnath C. Dolawatte am Freitag, 1. März 2019

"දකුණු පලාතේ රත්ගම වැනි තවත් නීති විරෝධී පොලිස් වධකාගාර තිබේද? ඒ ගැන සත්‍යය ගවේෂකයින්ගේ කළ හෙලිදරව්ව පිලිබඳ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වාරය

Gepostet von Premnath C. Dolawatte am Freitag, 1. März 2019

55 views

6 Comments to “බටලන්ද සිහිගන්වමින් දේශපාලන පළිගැනිමකට තංගල්ල පොලිසියේ වධකාගාරයකදී අංහිසකයෙක්ට දස වද දෙයි… [Video]”

  1. sithmal says:

    හ හා හා.. දේසපාලුවොන්ට මෙහෙම දේවල් වෙද්දි කතාකරන මුන්, සාමාන්ය මිනිහට අසාදාරන වෙද්දි කෝ..?

  2. Gayantha says:

    මේවා නිකන් කියවා කියවා ඉදලා හරියන්නේ නෑ නේ. පොදුවේ ජනාධිපතිට බලකරන්න ඔන පොලිසියේ මේ අමන වැඩ නවත්වන්න ක්‍රමයක් හදන්න කියලා. බොහෝ අය දැන් කියන්නේ කෙටි විඩියෝවක් සියලුම අතඅඩන්ගුවට ගැනීම් වලදී කරනවා නම් මේ දේවල් වෙන ඉඩ අඩු වෙනවා කියලා (එහි කොපියක් අතඅඩන්ගුවට ගත් කෙනාගේ පවුලේ අයටත් ශෙනිකව ලැබෙන්න ඔන. එතකොට මෙහෙම බොරු වැඩ කරන්න බෑ )

  3. dudley says:

    No hum bug, never forget that the so called Prez is the Police Minister and he should be answerable, not UNP.

  4. මැදමුලනෙ මුත්තා says:

    ප්‍රේමනාත් සී දොළවත්ත ඉන්න නිසා හිතෙනව මෙිකත් නාමල්ලගෙ මහින්දලගෙ නිර්මාණයක් කියල. නාමල්කුමාරය අරං ගියෙත් මෙයා තමයි. අර සුනිල් වටගල මයික් ලෝයර් කිවිවෙත් මෙයාටනේ.
    අපරාදෙ කියන්න බෑ ඩී.වී.උපුල්ලත් චන්ඩි මල්ලි වගේ හතර පෝයටම සිල්ගන්න අය.

    • AK47 says:

      සමහරුන්ට ඉතින් අධෝ වාතයක් ගියත් මහින්දගේ වැඩක්ද කියල හිතෙනවනේ……….
      නරකද ටිකක් මොලේ චෙක් කර ගත්තොත්.

  5. add says:

    පොලිස් කොමිසම කාර්යක්ෂම විසදීම් දෙයි..

Main News