බටහිර දොස්තරලාට කොරෝනා සුව කරන්න බෑ.. අපට පුළුවන් ඊට අවස්ථාව දෙන්න.. කැද පෙවීම, දුං හට්ටි දේශීය වෙදකම නොවේ..- දේශීය වෛද්‍යවරුන් කියති..

April 10, 2020 at 6:26 am | lanka C news
බටහිර දොස්තරලාට කොරෝනා සුව කරන්න බෑ.. අපට පුළුවන් ඊට අවස්ථාව දෙන්න.. කැද පෙවීම, දුං හට්ටි දේශීය වෙදකම නොවේ..- දේශීය වෛද්‍යවරුන් කියති..

කොරෝනා වෛරසය සුවපත් කිරීම සඳහා කැඳ පෙවීම හෝ දුං හට්ටි ඇල්ලීම වැනි ඒවා ප්‍රතිකාර නොව ජාවාරම් බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංවිධානය සඳහන් කරයි.

ඇතැම් බටහිර වෛද්‍යවරුන් ඒකාධිපති ආකාරයෙන් කටයුතු කරගෙන මේ සිදුකරන්නේ දේශීය වෛද්‍යවරු හෝ ආයුර්වේද වෛද්‍යවරු අනුමත කරන ප්‍රතිකාර ක්‍රම නොවන බව එම සංවිධානයේ සභාපති දේශීය වෛද්‍ය උපුල් දෑල බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඉඟුරු කොත්තමල්ලි ලබාදීම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම නොව එය සම්පූර්ණයෙන්ම ප්‍රථමාධාරයක් පමණක් බවද පැවසූ ඔහු එතනින් එහා ගිය හෝ චිකිත්සා ක්‍රමයක් දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඇති නමුත් ඒ සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

හුමාලය ඇල්ලීමෙන් – කොරෝනා පැතිරීම වැඩිවෙයිද ?

හුමාලය ඇල්ලීමෙන් – කොරෝනා පැතිරීම වැඩිවෙයිද ?

Gepostet von Hiru News am Donnerstag, 9. April 2020

327 views

19 Comments to “බටහිර දොස්තරලාට කොරෝනා සුව කරන්න බෑ.. අපට පුළුවන් ඊට අවස්ථාව දෙන්න.. කැද පෙවීම, දුං හට්ටි දේශීය වෙදකම නොවේ..- දේශීය වෛද්‍යවරුන් කියති..”

  1. අක්බාර් ලොක්කා says:

    මලමිණී මතින් බිස්නස් කරන්න යන්නෙ

  2. palle says:

    The biggest favor they can do to eliminate this pandemic is stay at home and let the expert handle it. If new infections are minimized, coronavirus will be disappeared in three weeks. This is not a time to test unproven methods.

  3. Sambo says:

    They are trying to earn a fast buck when the world is on fire. Do not get caught to these culprits.

  4. tikka says:

    මේ ගොල්ලොත් නිකං අපේ නූතන හාමුදුරුවරු වගේ.. තමන්ගෙන් කෙරෙන යුතුකම කාර්යය හරියට කරන්නෙ නැතිව අනිත් එවුන්ට දොස් කියනවා.. මේ රටේ මිනිස්සුන්ට තව ලෙඩ තියෙනවා.. පිලිකා, හෘදයාබාධ, සන්ධි අමාරු, වෛරස් උණ එහෙම.. මේ කියන දේශීය වෛද්‍යවරු අද වනතුරු මේ කිසිම දෙයකට නිශ්චිත ප්‍රතිකාරයක් චිකිත්සා ක්‍රමයක් හඳුන්වා දී නෑ.. ඕනම හන්දියක වෙදෙක්ට බෙහෙත් කඩයක් දා ගන්න පුළුවන් කාලෙක ඔය කියන විස්ඳුම් තියෙනවා නම් එදයි අදයි මොනවද කරේ…

  5. උදාර says:

    ආයූර්වේද වෛද්‍යවරුනි, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉහළට ගෙන ඒමට යෝජනා කරන පුරවැසියනි කරුණාකර රාජගිරිය ආයුර්වේද රෝහලේ නව COVID 19 ප්‍රතිකාර ඒකකයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන්න. ඒ සඳහා බල කරන්න.
    බටහිර වෛද්‍යවරුන්ට බැන බැන ඉන්නවට වැඩිය ඒක හොඳයි.
    මුලින්ම ඒකකයක් පිහිටුවා ගන්න.
    ඊට පස්සෙ අපිට covid19 රෝගීන් එවන්න කියලා රජයෙන් ඉල්ලා සිටින්න.
    නැත්නම් ICU ඉන්න රෝගීන් ගෙන්වා ගන්න.
    හරිම සරල දෙයක්.
    හැබයි COVID 19 රෝගය තහවුරු කරගන්න බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඇති පරීක්ෂණ භාවිතා කරන්න. නැත්නම් උණ කැස්ස තිබෙන ඔක්කොම රෝගීන් COVID 19 කියලා වැරදියට තේරුම් ගන්න පුළුවන්.

  6. Aurora says:

    බටහිර වෙදකමේ ලොක්කෝ ඔක්කොම ඉන්න බ්‍රිතාන්‍යයේ සුව වෙලා තියෙන්නේ 0.2%, මරණ 12% පැනලා. ඇමෙරිකාවේ සුව වෙලා තියෙන්නේ 5.5%, මරණ 3.6%. ලංකාවේ කොත්තමල්ලි, කැඳ වර්ග බීල අපේ 25% හොඳවෙලා. පිදුරුගොඩේ ලැගපු බටහිර වෙද බල්ලා නොවේනම් අපේ තත්වය මීට වඩා බොහොම සතුටුදායක වෙන්න තිබුණා.

Main News