කොළඹ රුසියානු තානාපති කාර්යාලයකට ගල් ගහයි..

November 15, 2016 at 3:50 pm | lanka C news
කොළඹ රුසියානු තානාපති කාර්යාලයකට ගල් ගහයි..

කොළඹ නගරයේ පිහිටා ඇති රුසියානු තානාපති කාර්යාලයට අවට ප‍්‍රදේශවාසීන් නිතර ගල්මුල් ප‍්‍රහාර එල්ල කරන්නේ යයි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එම තානාපති නිලධාරින් විසින් පැමිණිලි කර ඇත.

රුසියානු තානාපති කාර්යාලය අවට පදිංචි ඇතැමුන් විසින් කාර්යාල පරිශ‍්‍රයට නිතරම විවිධ දෑ විසි කරන බවත් එය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් තානාපති නිලධාරීන් දැනුම් දී ඇති අඅතර ඒ සමගම ආරක්ෂක අමාත්‍යාංශයට හා පොලීසියටද පැමිණිලි කර ඇත.

තානාපති කාර්යාලය පිහිටි භූමිය කලකට පෙර අනවසර පදිංචිකරුවන් සිටි ස්ථානයක් වන අතර භූමියේ අයිතිය පිළිබදවද ප‍්‍රශ්නයක් පවතී.

24 views
Main News