බටහිර රෝහල්වලට වඩා නවීන් ආයුර්වේද රෝහලක් විවෘත කෙරේ..

December 28, 2019 at 8:02 am | lanka C news
බටහිර රෝහල්වලට වඩා නවීන් ආයුර්වේද රෝහලක් විවෘත කෙරේ..

ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

බටහිර රෝහල්වලට වඩා නවීන ආකාරයේ රෝහලක් ආයුර්වේදය වෙනුවෙන් ඇරඹීම සම්බන්ධයෙන් වෛද්‍යාචාර්ය ගුණවර්ධන මහතාට ස්තූතියි. බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශී‍්‍රතව වෙදකම පැවතුනා. අනුරාධපුරයේ පුරා වස්තු දෙස බැලීමේදී අපිට මොන තරම් දියුණු ආයුර්වේද ක‍්‍රමයක් පැවතුණාද කියලා පේනවා. කාලයක් පාරම්පරිකව ආයුර්වේදය කර ගෙන ආවා. නමුත් ඒ ආයුර්වේද වෛද්‍යවරුන් සමගම ඔවුන්ගේ ආයුර්වේද ක‍්‍රම නැති වෙමින් යන අවදියක එවැනි ක‍්‍රමවේද සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ අංශයක්ද මේ රෝහලේ ස්ථාපිත කිරීම ඉතා ම වැදගත්.

ආයුර්වේදය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කලේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරිමටයි. ආයුර්වේදය සම්බන්ධයෙන් පර්යේෂණායනතයක් තිබුණත් එහි සාර්ථකත්වය ගැන කියන්න බැහැ. එයින් මොන තරම් පරික්ෂණ කෙරෙනවාද කියන්න දන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි ඇමැතිවරයාට සහ නිලධාරින්ට පවසා තිබෙනවා. අපේ සෑම පැලැටියක්ම ආයුර්වේද පැලෑටියක්. ජනතාවට සහ ලෝකයාට ඒ දෙවල්වලින් ප‍්‍රයෝජනයක් ඇති වෙන විදියට කටයුතු කළ යුතු කාලයක්.

මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම නාහිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි අනුනායක නාහිමි, රුවන්වැලි චෛත්‍යධිකාරි පල්ලේගම හේමරතන නාහිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරි ඊතලවැටුණු වැවේ ඥාණතිලක නාහිමි, අනුරාධපුර ජයන්ති විහාරාධිකාරී නුගේතැන්නේ පඥානන්ද හිමි හා එස්. එම්. චන්ද්‍රසේන, එස්. බී. දිසානායක, දුමින්ද දිසානායක අමාත්‍යවරුද, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ, එස්.සී මුතුකුමාරණ, ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

– අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

136 views

3 Comments to “බටහිර රෝහල්වලට වඩා නවීන් ආයුර්වේද රෝහලක් විවෘත කෙරේ..”

  1. May charge a reasonable fee and maintain it in a praiseworthy way. thanks Dr, Gunawardene

  2. SRI lankan says:

    හොඳයි අපි බලමු කවුද මේ රෝහලට ඇවිත් ප්‍රතිකාර ගන්න ලොකු ලොක්කෝ කියලා. සිංගප්පූර් යන්නේ නැතුව මේකට එනවනම් විදේශ විනිමය ගොඩක් ඉතුරු වෙයි.

  3. Nuwan says:

    This is very good. Chinese have integrated the western medecine with their traditional Chinese medecine. They have done extensive research on their magical herbs and made use of such research to develop new medecine for various illnesses. Chinese Native medical hospitals are very advance with modern equipments and as for the Chinese medical policy they belive in their integrated approach is more subtle in contrast to western medecine which poison our bodies.
    No Chinese western doctor insult Chinese medecine like some of our western doctors becuse they value and take lot of pride in their own things.
    We got to learn to admire our ancient wisdom and do research and take benefit of that knowledge

Main News