බඩගින්නට අඹ ගෙඩි තුනක් කැඩූ වියපත් කතක් පොලිස් කූඩුවේ දමයි.. බැංකු කොල්ලකරුවන් නිදැල්ලේ..

October 18, 2017 at 12:16 am | lanka C news
බඩගින්නට අඹ ගෙඩි තුනක් කැඩූ වියපත් කතක් පොලිස් කූඩුවේ දමයි.. බැංකු කොල්ලකරුවන් නිදැල්ලේ..

ව්‍යාංජනයක් පිස ගැනීම සදහා අසල්වැසි නිවසේ අඹ ගසෙන් ගෙඩි තුනක් කඩා ගත්තේ යයි තමන් පොලිස් අත්අඩංගුවට ගෙන කූඩුවේ දැමුවේ යයි අනුරාධපුර, සාලියපුරයේ කාන්තාවක් පවසන්නීය.

සැමියා හා දරුවාද හැරගොස් තනිව නිවසේ සිටින 64 හැවිරිදි ලලිතා ආනන්ද පවසන්නේ අදාල අඹ ගස හිමියන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු තමන් මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

පසුදා අධිකරණයට ඉදිරිපත් කල තමන් ඇප මත මුදා හරිනු ලැබුවේ රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත බවත් ඇය සදහන් කරයි.

කෙසේ වෙතත් පොලීසිය මේ සම්බන්ධයෙන් පවස්නේ සමථයකට පත් කර ගැනීමට පැමිණිලි පාර්ශවය අකමැති වීම නිසා අධිකරණයට ඉදිරිපත් කල බවයි.

මෙතරම් බැංකු මංකොල්ල සිදුවන රටේ අඹ ගෙඩි තුනකට තමන් කූඩුවේ දැමීම ගැන කණගාටු වන බවද ඇය පවසන්නීය.

145 views

8 Comments to “බඩගින්නට අඹ ගෙඩි තුනක් කැඩූ වියපත් කතක් පොලිස් කූඩුවේ දමයි.. බැංකු කොල්ලකරුවන් නිදැල්ලේ..”

  1. Asoka says:

    ඉතින් දෙය්යනේ මට මතක නැහැ කිව්වානම් ඉවරයිනේ

  2. ගමරාළ says:

    මේ රටේ නීතිය සාමාන්‍ය මනුෂ්‍ය බුද්දියට නිගා දෙන්නක්. කොලකෑලි වල ලියා ගත්, තරා තිරම පගාව නැතිනම් වරප්‍රසාද අනුව හොන්දට නවාගන්න පුලුවන් නීති. තුහ් නොදකින් මනුෂ්‍යයා යනු මොනතරම් මෝඩ සත්වයෙක්ද?

  3. Ramanie says:

    I feel extremely sorry for this poor lady.

  4. රාහුල කොලුවා says:

    ඉතින් අම්මේ… යහ පාලනය කියන්නේ ඒකටනේ… සල්ලි වගේද අඹ…? අනික ගෙඩි එකක් නෙවෙයිනේ… තුනක්මනේ…

  5. Sadda says:

    My3na rajadhaniye ambawaththa ayithi karuta metharam aheniyak athivee thibeema eka karanayak. Asarana manussayakuta badaginna niva ganna yamak adarayen nodenna tharam minissu thanhawen pelenne ayi.?

  6. sanidu sooriarachchi says:

    හොරකම හොර කමම තමයි. වැඩේ වැරදියි. අසල්වැසියන් එක්ක හොඳ හිත පවත්වාගෙන නැති බවත් හිතන්න පුළුවන්. ඒත් ගරු අධිකරණය හා නීතිය රකින පොලීසිය? ඒ ගැන නම් මාර දුකයි.

  7. nimal says:

    Small is beautiful!
    Theft whether it is small or large it is theft!
    She could have easily requested it from the neighbour- Nobody will say NO to such a thing!
    I guess that this is not an isolated thing must be a history of troubling the neighbors by stealing things over time.
    However, as good neighbours better to donate this lady some food and prevent her from stealing things at this age.

  8. cHANDIMA says:

    Neetheeyata saha Policiyata anukampawak neha kiyala baninna issella hoyala balanna amba gedi thunata me ammawa hire danna kiyala polisiyen saha neetiyen illapu narumaya kauda kiyala…

Main News