බඩුමිල ඉහලයාමට විරුද්දව මන්ත්‍රීවරයෙක් වෙනස්ම විරෝධතාවක..

October 23, 2021 at 6:20 am | lanka C news
බඩුමිල ඉහලයාමට විරුද්දව මන්ත්‍රීවරයෙක් වෙනස්ම විරෝධතාවක..

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් රටේ පවතින ගෑස්, කිරිපිටි, සිමෙන්ති, සහල්, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්වල මිල ගණන ඉහල යාම සම්බන්ධයෙන් රජයට විරෝධය පාමින් ප්‍රාදේශීය සභාවතුල විරෝධතාවක නිරත විය.

කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වූ එස්.ජීවරාජා විසින් කරච්චි ප්‍රාදේශීය සභා සැසිවාරයට පාගමනින් පැමිණියේ වෙනස්ම ආකාරයේ විරෝධතාවක්ද සිදුකරමිනි.

එහිදී මන්ත්‍රීවරයා විසින් ගෑස් සිලින්ඩර් දෙකක් දෑත්වලින් එල්ලා තවද සිරුරෙහි සිමෙන්ති කොට්ටයක් බැඳ තවත් පැත්තකින් සීනි ,කිරිපිටි සහ සහල් සිරුරේ එල්ලා ගිනිමිනි.

එහිදී ප්‍රාදේශීය සභාවට පාගමනින් පැමිණි මන්ත්‍රී වරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ ,

‘කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ මෙන්ම උතුරු පලාතේ වැඩි වශයෙන් ජීවත් වන ජනතාව යුද්දයෙන් බැට කා නැවත පදිංචියට ගොස් අලුතින් ජීවිත ආරම්භකර ඇති අවස්ථාවක හෙයින් රජය විසින් මෙලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්වල මිල ඉහල දැමීම හේතුවෙන් අද වන විට උතුරේ ජනතාවට දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති හෙයින් වහාම අත්‍යවශ්‍ය දුව්‍යන්වල මිල ගනන් පහල දැමීමට රජය විසින් පියවර ගත යුතු බවටය.

මන්ත්‍රීවරයාගේ විරෝධතාවයට ප්‍රාදේශීය සභාවේ සිටි සෙසු මන්ත්‍රීවරුන් මෙන්ම සභාපතිවරයාද සහය දැක්වීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,884 views

5 Comments to “බඩුමිල ඉහලයාමට විරුද්දව මන්ත්‍රීවරයෙක් වෙනස්ම විරෝධතාවක..”

  1. පුරවැසියා says:

    ප්‍රාදේශීය සභා කොහෙද දැන් තියන්නේ
    ඒවා ඔක්කොම කාලය ඉවරවෙලා නිසා මන්ත්‍රී නාම ඉවර වෙලා නැද්ද තාම
    එහෙම නම් තවම අපි පඩි ගෙවනවද මන්ත්‍රී වරුන්ට
    සභාපති කෙනෙකුත් ඉන්නවා කියන්නේ

  2. MD says:

    ඔය විදියටම සමස්ථ ජාතියම යුද්දෙන් බැට කන වේලාවේ ඔය එක්කෙනෙක්වත් තමන්ගේ දරුවන් පැහැරගෙන යද්දීත් ඕවා මොකුත් නොකර හොඳට හිටියේ.ඵතකොට කන්නේ ප්‍රභාකරන් දුන්නොත් විතරයි. වතුර උගුරක් නැ බොන්න.බයිලා තමයි

  3. nilu says:

    Please show us the video.

  4. Chan says:

    චෝදනා කරන්න කාටත් පුළුවන් … පලාත් සභාවේ රටේ ආර්තිකයට ඔයගොල්ලො කරන දේවල් පලදායී ද කියල බලන්න… හැමෝම එකතුවෙලා ආර්තිකයට තල්ලුවක් දෙන්න ඕන වෙලාවක් මේක…

  5. wijesena says:

    THE WHOLE WORLD IS IN A MISERABLE SITUATION… THE PRICES ARE GOING HIGH MISTER… DO’NT TRY TO CATCH FISHES IN THE MUD WATER..

Main News