බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න..

October 19, 2021 at 3:21 am | lanka C news
බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න..

භාණ්ඩ මිල තීරණය කරන්නේ ජාත්‍යන්තරය විසින් නිසා ලෝකයේ බඩු මිල වැඩි වෙද්දී මෙරට තුළ ද භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගැනීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

එවන් තත්ත්වයකදී මෙරට බඩු මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය දන්නා ආර්ථික ඔස්තාර්වරයෙකු සිටී නම් තමන්ට එම ක්‍රමය කියාදෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

ඉන්ධන, ගෑස්, කිරිපිටි වැනි භාණ්ඩවල මිල තීරණය වෙන්නේ අපේ රටෙන් නොව ජාත්‍යන්තර වෙළෙඳපල විසින් බවද ඔහු පැවසීය.

එනිසා ලෝකයේ එම භාණ්ඩු මිල ඉහළ යද්දී මෙරට තුලද මිල වැඩි කිරීමට රජයට සිදුවන බවත් යථාර්ථය එය බවත් ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

13,251 views

42 Comments to “බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න..”

  1. Mtmmanvar says:

    Badu Mila adukarala hati tamusela ta kiyala dunnath terumganna taram MOLAYAK tamusela ta na. Tamusela patta meeharak.

  2. LalithM says:

    මොකටද උඹලට කියල දෙන්නේ. උඹලට බැරිනිසා අයින්වෙලා පලයව්.පුලුවන් උන් ඇවිල්ල කරයි. වැඩ ඉගෙනගත්ත උන් රස්සාවලට ගන්නේ. මාල කඩන පෙට්රල් ගහපු එවුන්ට පුලුවන්ද රට පාලනය කරන්න.

  3. rohitha says:

    Thopita kirala deyi honda paadamak. Ohoma hitapiyaw.

  4. baමුනා says:

    රට පාලනය ගැන අකුරක්වත් නොදන්න හොරු රැල​. තව රට නොකා ගෙදර පල​….

  5. Sri 🇱🇰 says:

    පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු පුටු පෙරලන් බොරු වාද කරමින් අපි රට හොඳට කරනවා කියමින් ඇවිත් අන්තිමට කිසි කෙනෙක් මෙලොව දෙයක් දන්නැති රට විනාශ කර කන්ඩායම

  6. Sandun Dhammika says:

    පරීක්ෂණය තියල අයතා ක්‍රම බදු වංචා වලින් සොයා ගත් අදායම් සියල්ල පිටරට බැංකු සමග එකතු වෙලා ඒවා රාජසන්තක කරන්න. එටකොට $ එවි, Rs නගීවි.

    සොරකම් කරපු අයට දඩුවම් එපා , එත් සල්ලි ටික තිය ගන්න දෙන්න බැහැ .

  7. CNW PATHIRANA says:

    Simple, confiscate all assets and bank accounts belonging to Politicians like u earned from corrupting public money.