බඩු මිල ඉහල ගියේ දේශගුණයේ වරදින්.. හාල්, පරිප්පු, සීනි, අල, ළුණු, හාල්මැස්සන්, මෑකරල් මිල අඩු කරනවා..

December 16, 2017 at 8:40 am | lanka C news
බඩු මිල ඉහල ගියේ දේශගුණයේ වරදින්.. හාල්, පරිප්පු, සීනි, අල, ළුණු, හාල්මැස්සන්, මෑකරල් මිල අඩු කරනවා..

බඩු මිල සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ජීවන වියදම ඉහල යාම අද ඇති ප‍්‍රධාන ප‍්‍රශ්ණයක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

අද වන විට මෙරට දේශගුණික රටාව තුල අර්බුධයක් ඇති වී තිබෙන බවත් කලට වේලාවට වැැසි නොලැබුණු බවත් එනිසා ගොවිතැනට විශාල බලපෑමක් වූ බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ නමුත් ඇතිව තිබෙන අර්බුදයට විසදුමක් ලෙස සිංහල අලුත් අවුරුද්ද තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් ජනතාවට සහන මිලට ලබා දීමට රජය තීරණය කර ඇති බවත් අගමැතිවරයා කියයි.

ඒ අනුව හාල්, පරිප්පු, සීනි, අල, ළුණු, හාල්මැස්සන්, මෑකරල් සහන මිලට ලබා දීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

92 views

14 Comments to “බඩු මිල ඉහල ගියේ දේශගුණයේ වරදින්.. හාල්, පරිප්පු, සීනි, අල, ළුණු, හාල්මැස්සන්, මෑකරල් මිල අඩු කරනවා..”

  1. love nature says:

    රනිල්ලා චන්ද්‍රිකාලා මේ රටේ තවමත් ආධිපත්‍යය දරන්නේ සුද්දන්ගෙ බලය නිසා. ඔවුන්ට මේ රටේ ජනබලයක් නැහැ. මෛත්‍රිපාල මේ දෙන්නට මෙච්චර බය ඔහුත් සුද්දන් විසින් පත් කෙරුණු නිසා.

  2. john the baptice says:

    රනිල්ගේ ගජ මිතුරෙක් වෙච්ච අර්ජුන් මහෙන්ද්‍රන් බැදුම්කරේදී කියනවා එයා හැම දේම කළේ රනිල් කිව්ව විදිහට කියලා.

  3. David Milli-Banda says:

    බොරු පොරොන්දු walata ravatunu ra’tay janathawa………….
    Sri Lankikayo kanne punakku da ?

Main News