බඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමති

November 30, 2021 at 3:00 pm | lanka C news
බඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමති

භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

නමුත් භාණ්ඩ හිගයක් හෝ භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටීමක් සිදු නොවීමට වගබලා ගන්නා බවද ඔහු කැබිනට් මණ්ඩලයට සඳහන් කර ඇත.

ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය හමුවේ මුදල් අමාත්‍යවරයා මේ බව කියා තිබේ.

වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව එහිදී දැඩිව සාකච්ඡා වී ඇත.

27,264 views

19 Comments to “බඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමති”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    රටේ බඩු හිග උනාම ලෝකෙම ඔහොමයි කොරෝනා නිසා කියල මුන් වැල් බයිල ගහනව ඒ බයිලෙ ගෙඩිය පිටින් ගිලින හරක් ඉන්න රටේ මේ කතාත් ඉස්මුදුනින් පිලි ගනීවි.පාස්පෝට් එක හදන් ටිකට් එකක් අරන් රටකට ඇවිත් බලන්න ඇත්ත.ලෝකෙ ඉස්සරහට යන හැටි සහ අපිට කෙලවෙන හැටි.

  2. LalithM says:

    මොනව ඉගෙන ගත්ත මිනිස්සුද කැබිනට්ටුවට දාගෙන ඉන්නේ කියල බැලුවම තේරෙනව රටට මෙහෙම වුනේ ඇයි කියල. මුදල් ඇමති…අහෝ දුකකි… ලංකාව ඉතියෝපියාවටත් පරාදයි…

  3. Third Umpair says:

    මේ වගේ පොතක් කියව ගන්නත් බැරි, මී හරකෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    පව් නොදී ආපු අතක් බලාගෙන යනවද

  4. Siri lanka says:

    තව ටික මාසෙකින් කියයි චීනෙට නොදී රට බේරගන්න බෑ කියලා, 69 ලක්සෙ ඔයාලට රොම්බ තෑන්ක්ස්. 🍾🥂👉👌

  5. Gem says:

    Why do we have a government ask any human to run the show

  6. lolla says:

    Look at the Bastard’s face…..

  7. Very Sorry says:

    මුදල් ඇමතිකම අපහු අගමැති තුමාටම බාරදුන්නා නම් නේද හොඳ ?

  8. 0.00069 BIYYO says:

    කුරහන් සාටකේ දාගත්ත අප්පල පුතාලා අයියා මළෝ සියලු දෙනාම ගොං වැඩ කරලා චීනෙ දිහා බලන් ඉන්නවා… අයවැය සිංහලෙන් කියවන්න බැරි මුදල් ඇමති දැන් බඩු මිල ඉහල යාම වලක්වන්න බැරිලු …ඔහු අපේ රටේ ආර්ථිකය බින්දුව බස්සලා රටින් පනී ,2015 පැනලා ගියාවගේ ..රට විනාශ කරන්නේ මේ කුරහන් සාටක පවුල් පාලනයයි ණය අරන් ගහන කොමිස් මුදල් වලින් රටේ ණය ගෙවන්න පුළුවනි දැන්වත් රටේ මුදල් සොරා කෑම නවතා රට ජාතියට සේවයක් කරපියව්

Main News