බණ්ඩක්කා කොන කඩා ගන්නා තීන්දුව 20 විවාදය මැද ප‍්‍රමිත කියයි..

September 26, 2020 at 8:02 am | lanka C news
බණ්ඩක්කා කොන කඩා ගන්නා තීන්දුව 20 විවාදය මැද ප‍්‍රමිත කියයි..

සපත්තුවක් වේලාසන දමා බලා හොඳ දැයි තීරණය කළ හැකි වූවත්. බණ්ඩක්කාවල කොන කඩා හොඳ දැයි බලන්න පරීක්ෂාකර හැකි වුවත් ඒ ආකාරයෙන් ව්‍යවස්ථාවක් හොඳද නරකද කියා මුලින් පරීක්ෂා කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

එනිසා ව්‍යවස්ථාවක හොඳ නරක දැකගැනීමට වන්නේ අත්දැකීමෙන් අවබෝධයෙන් යයිද මන්ත්‍රීවරයා පැවසීය.

එම පරීක්ෂණ සියල්ලෙන්ම 19 වන සංශෝධනය පසුගිය වසර 05 තුළ අසමත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක වෙද්දීම පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් අධිකරණවල විනිසුරන්ට කතා කර නඩු තීන්දු වලට බලපෑම් කළේ යැයි පසු පැවසූ මන්ත්‍රීවරයා ස්වාධීන පොලිස් කොමිසම ක්‍රියාත්මක වී තිබියදීත් දූෂණ විරෝධී කමිටුව යැයි එකක් අටවාගෙන කැමැති කැමැති පුද්ගලයන් ඉලක්ක කර නීතිය නැවූ බවත් පසුව එම කමිටුව නීති විරෝධී යැයි එවකට අගමැතිවරයා ම පිළිගත් බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් පල කරමිනි.

19 සෑම පරීක්ෂනයක්ම අසමත්.. රෙද්දක්නම් ඇදලා බලලා ගන්න පුලුවන්…. පසුගිය අවුරුදු 5ම 19 අසමත්…

"රෙද්දක්නම් ඇඳලා බලලා ගන්න පුළුවන්, සපත්තු දෙකක්නම් දාලා බලලා ගන්න පුළුවන්.. "19 පසුගිය අවුරුදු පහම අසමත්..ස්වාධීන කොමිෂන් සභා සියල්ල අසමත්..20 වැනි ව්‍යවස්ථාව වෙනුවෙන් හඬ අවදි කළ මාතලේ තරුණ නායකත්වය.. -ප්‍රමිත තෙන්නකෝන්

Gepostet von Premitha Bandara Thennakoon am Mittwoch, 23. September 2020

23,280 views

6 Comments to “බණ්ඩක්කා කොන කඩා ගන්නා තීන්දුව 20 විවාදය මැද ප‍්‍රමිත කියයි..”

  1. kamal says:

    Indian people should understand power of sinhala and sinhala tamil people. They don’t respect indian rama in rama and ravana story. but they love Paththinin devi (Mare amman) and god kathragama (Murugan). But you dictate them they will not surrender and ready to die. Your teacher or asiri Kiribathgoda himi or Bikku.

  2. බන්ඩා says:

    සමස්තයක් ලෙස 19 රට ආරාජික කලා. 19 ට පෙර ඒකාධිපතියෙක් හිටියෙත් නැහැ. 19 අහෝසි කල යුතුය්. ඒකටය් ජනවරම.

  3. ගරසරප says:

    20 මොනවාද 18 නැති දේවල් ? ජේ ආර් ට , ප්‍රේමදාසට , චන්ද්‍රිකා ට, මහින්දට නොතිබුණු බලයක් ගෝටාට ලැබෙනවා ද? කවදාවත් දැකල නැති ව්‍යවස්ථාවක් වගේ හැසිරෙන්නේ ඇය්?

  4. Iranganie says:

    කාලෙකට පස්සෙ කරුනු ඇතුලත් වුන හරවත් කතාවක් ඇහුවා. ගොඩක් සතුටුයි මන්ත්‍රී තුමනි. අපි කුඩා කාලේ පාර්ලිමේන්තුවේ විවාදය ගැන වාර්තා දිනමිණ පත්තරේ කියවන්න හරි කැමතියි. අද කාලෙ ඒවා පත්තරේ තිබුුනොත් ඒවා ලමයින්ට තියා වයසක අපිට වත් කියවන්න පුලුවන්ද. පිස්සො ටිකක් පාර්ලිමේන්තු යවලා අපි අනාත වෙලා.

    Hon. Janadhipathi Thumani,
    Please correct the Rules of the Parliament for MPs to debate on valued contents during your time.
    Just imagine if we translate the Parliament debates and publish in other countries, they might think that there are only Fools living in our country.
    So Sad.

  5. senanayake says:

    this shows the ignorance of our politicians. A mature politician should have in-depth knowledge and experience to anticipate the effects of constitutional changes. that is one of the purpose they are elected for. unfortunately we dont have such politicians and after raising their hands for the 19th (except sarath W.) now all are against it .

  6. Aurora says:

    ව්‍යවස්ථාවක් සම්මත කරගන්නවා කියන්නේ හරියට විවාහයක් කරගන්නවා වගේ වැඩක් තමයි. මගුලෙන් පස්සේ තමයි ගෑනිගේ හරි මිනිහගේ සත්‍ය තත්වය සහ එදිනෙදා එන ප්‍රශ්ණවලට මුහුණ දීමේදී ඇතිවන නව තත්වයන් උදාවෙන්නේ. බැරිනම් දික්කසාද වෙන්නේ. නමුත් ව්‍යවස්ථාව තියෙද්දි “ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක වෙද්දීම පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් අධිකරණවල විනිසුරන්ට කතා කර නඩු තීන්දු වලට බලපෑම් කිරීමත්, ස්වාධීන පොලිස් කොමිසම ක්‍රියාත්මක වී තිබියදීත් දූෂණ විරෝධී කමිටුව අටවාගෙන කැමැති කැමැති පුද්ගලයන් ඉලක්ක කර නීතිය නැවීමත්” හරියට විවාහය පවතිදී හොර ගෑනු තියාගෙන ඉන්නවා වගෙයි”

Main News