බණ්ඩාරනායක දිවිපුදා රැක්ක කොළඹ වරාය බිලිදෙන්න බෑ…

January 29, 2021 at 6:48 pm | lanka C news
බණ්ඩාරනායක දිවිපුදා රැක්ක කොළඹ වරාය බිලිදෙන්න බෑ…

එදා බණ්ඩාරනායක අගමැතිවරයා ජීවිතය පූජා කරලා රැකගත්ත කොළඹ වරාය චීනයට හෝ ඉන්දියාවට හෝ කිසිවකුට බිලි නොදී දිවි හිමියෙන් රැකගත යුතු බව හිටපු ඇමැති ඩියු ගුණසේකර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

කොළඹ වරාය ආර්ථික මරමස්ථානයක් වගේම ජාතික වස්තුවක් බැවින් එය රැකගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේද කීය.

ඉන්දියාවේ ප‍්‍රාන්ත 25 ම ගොවීන් අද ප‍්‍රධාන නගරයට එනවා. උද්ඝෝෂණය කරනවා ‘අම්බානිට’ හා ‘අදානිට’ එරෙහිව. ඒ දෙන්නගෙන් එක්කෙනකුටයි අපේ ආණ්ඩුව වරාය දෙන්න යන්නේ. මෝදි අගමැතිවරයා වරාය ගන්න අදානිව නම් කරලාම එවලා තියෙනවා. ඉන්දියාව ඇමෙරිකාවත් සමග අද සෘජුවම සම්බන්ධ වෙලා. නොබැඳි ව්‍යාපාරයෙන් වෙන්වෙලා ඉන්දියාව ඇමෙරිකාව සමග අධිරාජ්‍යවාදී ගමනක් යන්න හදනවා. ඒ නිසා මේ තත්ත්වයට ඉඩ නොතැබිය යුතුයි.

අපගේ පරමාධිපත්‍ය ප‍්‍රකාශ වෙන්නේ වරාය හා ගුවන්තොටුපළ තුළින් රට ඇතුළේ මොන ආයෝජනයක් කළත් අපට ප‍්‍රශ්නයක් නැහැ. වරාය හා ගවන්තොටුපළ අප රට සතුවම පැවැතිය යුතුයි. වරායේ ආයෝජනය කරනවා කියන්නේ වෙනස්ම තත්ත්වයක්. ඉංගී‍්‍රසින්, පෘතුගීසින්, ලන්දේසින් ලංකාවට ආවෙම වරායන් ගැන බලමින්.

කොළඹ වරාය ජනසතු කරනවා කියමින් 1956 දී බණ්ඩාරනායක මහතා බලයට ආවේ. එය මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණේ. බලයට ආවට පස්සේ එය ප‍්‍රධාන ගැටුමක් වුණා. ගැටුමේ නායකත්වය ගත්තේ විමලා විජයවර්ධන මහත්මිය. බුද්ධරක්ඛිත හාමුදුරුවෝ එහි පිටිපස්සේ හිටියේ. හාමුදුරුවෝ කිව්වා වරාය ජනසතු කරනවා නම් මට දෙන්න මම කොම්පැනියක් දාලා හරි වරාය හදනවා කියලා. බණ්ඩාරනායක මහත්තයා බැහැ කිව්වා. මේ වරාය ගැටුම නිසා මහජන එක්සත් පෙරමුණ ඇතුළෙත් කැරැල්ලක් ඇතිවුණා. මන්තී‍්‍රවරු 10 දෙනෙක් විතර පක්‍ෂයෙන් දොට්ට දැම්මා. බණ්ඩාරනායක මහත්තයාව හාමුදුරු නමක් දාලා මැරෙව්වා. බණ්ඩාරනායක මහත්තයගේ ජීවිතය නැති වුණේ මේ වරාය හින්දයි. මේක ආර්ථික වශයෙන් මරමස්ථානයක්. එදා රටේ නායකයා ජීවිතය දීලා වරාය බේර ගත්තේ.

මේක අපේ ජාතික වස්තුවක්. අපේ සටන් බිමත් වරාය ගැන ගන්න තීරණය ගැන යළිත් සලකා බලන්න කියා අපි ජනාධිපතිතුමාගෙන්, ඇමැති මණ්ඩලයෙන් ඉල්ලනවා. මේක අලූත් තත්ත්වයක්. වරාය, ගුවන්තොටුපළ චීනයට හෝ කාටවත් දීමට අවශ්‍ය නැහැ.

– divaina

24,211 views

13 Comments to “බණ්ඩාරනායක දිවිපුදා රැක්ක කොළඹ වරාය බිලිදෙන්න බෑ…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ඉන්දියාවේ ධනපතියන් වැඩි වෙලා.
    අපි 88/89 කළා වගේ කැරලි ගහලා ඉන්දියාවේ සියලුම කර්මාන්තශාලා ගිනි තබ්බා නම් සියල්ලන් සම තත්වයට පත් වෙනවා. එවිට හැමෝම දුප්පත් වෙන නිසා කාටවත් අනික් කෙනාව සූරා කන්න හැකියාවක් නැති වෙනවා.

    • abc says:

      අනේද කියන්නේ. ලන්කාවේ මිනිහෙක් දියුනු උනොත් ධනපති මුදලාලි. සින්ගප්පූරුවනම් හරි ශෝක්. එහේ ඉන්නේ මුදලාලිලා නෙවේ ව්යවසායකයෝ.

    • Chandhana says:

      අනේ උඹ දන්න මාක්ස්වාදේ. පරන ඇරියස් එකක් ගන්නද කොහෙද මු හැමදාම කොටන්නෙ. දන්න මගුලක් ගැන කත කරපන්

    • වීදිය බංඩාර says:

      කුණු සාඩිං කාලා විශවෙලා, මොලේ මංඥ්ඥං වෙලා නන්දොඩවන බයි වහලෙක්.
      මේ දවස්වල මුන් කුනුබක්කිවල තියන දේවල් අහුලන්කමින් තමන් පත්කරපු සෑර් කෙලින පිස්සු ගැන හිතමින් හූල්ලන අතරෙ මේ සේරටම වගකියන්න ඕන ජෙප්පො කියන විකල් මානශිකත්වයෙන් පෙලෙනවා.
      එනිසා මේවා අසිහියෙන් ලියන මරුකියවිලි.

  2. T says:

    දේශප්‍රේමි ස රට විකුනනවා. යුද්ධයෙන් බයේ ඇමරිකාවට පැනලා ගිය වීරයා අද පොර ටෝක් දානවා. හිරැ ට දෙරණට පින් සිද්ද වෙන්න අපිත් රැවටුනා.

  3. මුත්ත‌ෙට්ටුවේගම says:

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විනාස කල නරැමයා,කොටි ත්‍රස්තවාදයට “ජනවාර්ගික අර්බුදය’ නම් වැකිය ආදේශ කල නරැමයා,රනිල් හා නෝර්වේ සමග එක්ව රට මැදින් වැටක් ගසා ව‌ෙනම රාජ්‍යයකට උඩග‌ෙඩි දුන් නරැමයා,ඇමරිකන් පුරවැසිය‌ෙක් මුල් පුටුවේ හිදවන්න සමාජවාදය පාවාදුන් නරැමයා,රැසියාවට හා චීනයට එර‌ෙහිව දේශනා පැවැත්වූ නරැමයා තා කටවහ ගනු!!
    තගේ හා තගේ ඇම්බැට්ටයන්ගේ කාලය අවසන්.

  4. Hesh says:

    වරාය බේරගන්න ඕනෙ. හැබැයි වරාය බේරගන්නවා කියන්නේ අපේ බිස්නස් ටික සින්ගප්පූරුවට බන්දේසියේ තියලා පුදන එක නෙවේ. නැගෙනහිර පර්යන්තය වරාය ඇදිකාරියට දෙමු. හැබැයි බටහිර පර්යන්තය සහ අලුතෙන් හැදෙන උතුරු වරායට පෞද්ගලික අයෝජන අවශ්යයි.

  5. නිලන්ත says:

    මෙතුමා කියන කතාව 100%ක් හරි. බලය නැති උන ගමන් මෙතුමාගේ මොළේ පෑදිලා.

  6. manoj says:

    “අපි 88/89 කළා වගේ කැරලි ගහලා ඉන්දියාවේ සියලුම කර්මාන්තශාලා ගිනි තබ්බා නම් සියල්ලන් සම තත්වයට පත් වෙනවා. එවිට හැමෝම දුප්පත් වෙන නිසා කාටවත් අනික් කෙනාව සූරා කන්න හැකියාවක් නැති වෙනවා.”

    Aneey GON THADIYOOOO, LANKAWE inne HIGANNOOOO. Mulu loketama nayai, memotama yatai. INDIAN examples ganne nethuwa THO wata pita balapan 🙂 🙂 🙂

  7. මුත්ත‌ෙට්ටුවේගම says:

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විනාස කල නරැමයා,කොටි ත්‍රස්තවාදයට “ජනවාර්ගික අර්බුදය’ නම් වැකිය ආදේශ කල නරැමයා,රනිල් හා නෝර්වේ සමග එක්ව රට මැදින් වැටක් ගසා ව‌ෙනම රාජ්‍යයකට උඩග‌ෙඩි දුන් නරැමයා,ඇමරිකන් පුරවැසිය‌ෙක් මුල් පුටුවේ හිදවන්න සමාජවාදය පාවාදුන් නරැමයා,රැසියාවට හා චීනයට එර‌ෙහිව දේශනා පැවැත්වූ නරැමයා තා කටවහ ගනු!! තගේ හා තගේ ඇම්බැට්ටයන්ගේ කාලය අවසන් දැන්.

  8. Ganja dilip ge amma tahukanna says:

    Mey naaki pakayata ahuwenna epa. Mu 20 ta atha issuweth boru baila gahala🤮🤮🤮🤮🤮😡😡😡😡

  9. Alapaluwa says:

    රාජපක්ෂ අගුපිලේ ලගින මැරෙන්න කිට්ටුව ඉන්න හංකඩ ගැහිච්ච නාකි බල්ලෙක් හීනයක් දැකිල ඇහැරිල කෙදිරිගානවා.

  10. ක්‍රිමිනල් says:

    කමියුනිස්ට් කාරයන්ට , සමසමාජ කාරයන්ට , ජෙවිපි කාරයන්ට හම ගහන්න මාතෘකාවක් , උද්ඝෝෂණ තියලා කෑගහලා , ආපහු මොකක් හරි පාණ්ඩුවකට ජැක් එකක් ගහලා ආතල් එකේ ඉන්න උන්දැලෑ , මෙතන ප්‍රශ්ණය තියෙන්නේ , භූ දේශපාලනය නූතන රජය කළමනාකරනය කරගන්නේ කොහොමද කියලා , ඉන්දියාවෙන් හම්බ වෙන කරන්සී ස්වැප් පහසුකමට ,එන්නත් ටිකට , ඩොලර් ටිකට සහ කොමිස් කුට්ටියට රජය නතුවෙනවනං ,එතන තියෙන්නේ දීන බවක් . හඩක් නැගෙන්න ඔනේ වැල යන පැත්තට මැස්ස ගහන්න නෙමෙයි .රට ගැන අවංකවම හිතලා.

Main News