බණ්ඩාරනායක වරාය, ගුවන්තොටුපල ආදී සියලු සම්පත් ජනසතු කලා.. මහින්ද අලුතින් හැදුවා.. මෛත්‍රී-රනිල් එ්වා විකුණගෙන කනවා..

April 3, 2017 at 7:06 am | lanka C news
බණ්ඩාරනායක වරාය, ගුවන්තොටුපල ආදී සියලු සම්පත් ජනසතු කලා.. මහින්ද අලුතින් හැදුවා.. මෛත්‍රී-රනිල් එ්වා විකුණගෙන කනවා..

නිදහසෙන් පසුවත් බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කල වරාය ගුවන්තොටුපල ඇතුළු ජාතික වැදගත්කමක් ඇති සියලු
වැදගත් මර්මස්ථාන එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජනසතු කොට ජනතාව භාර කලා, ඒකයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වුනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ප්‍රතිපත්තිය රකිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අලුතින් වරාය ගුවන් තොටුපොළ පමණක් නොව ඉතිහාසයේ කවදාක්වත් නොතිබුණ අධිවේග මාර්ග පද්ධතියක් ඇතුළු මහා පරිමාණ ව්‍යාපති ගණනාවක්ම අපේ ජනතාවට උරුම කර දුන්නා.

ඒත් අද ශ්‍රිලනිප නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ සමඟ එකට ආණ්ඩු කරමිනප් අවුරුදු 5 කට බලයට පැමිණ රටේ දේපල අවුරුදු 99 කට එනම් පරම්පරා 3 ක් ණය කර විකුණනවා, රජයේ දේපළ විකුණනවා හැරෙන්නට, ඔහුන්ට දර්ශනයක් නැහ, අලුත් වැඩපිළිවෙළක් නැහ.

එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු හිටපු ශ්‍රිලනිප නායකයින් ජාතියට ඉතිරි කර ගිය දේවල් විකුණාගෙන කෑමේ ප්‍රතිපත්තියට ඇදවැටිලා යැයි ඊයේ ආනමඩුව පැවති ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ සම්මන්ත්‍රණයකදි හිටපු ආර්ථික සංවර්ධනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පැවත්වෙන ආණ්ඩු විරෝධී විශාලතම මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවත්විමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ එකතුව පොදු විපක්ෂයේ සියලු පක්ෂ බලාපොරොත්තු වේ.

වසර 25 කට පසු දේශපාලන පක්ෂයක් තම මැයි රැලිය ගෝල් ෆේස් පිට්ටනියේදි පවත්වනු ලැබීම විශේෂත්වයකි.

එමෙන්ම මෙය ඉතාම සාර්ථක මැයි රැලිය කිරීමට සංවිධායකයින් මේ වනවිටත් සැලසුම් කරමින් දිස්ත්‍රික් පුරා සම්මන්ත්‍රණ පැවත්වීමට මේ වනවිටත් ආරම්භ කොට ඇත.

42 views
Main News