බත්තරමුල්ලේ සීලරතන හිමිගේ හිඟ ජල බිල් 71,991යි.. විසන්ධි කරයි.. සිවුරු හෝදන්න වතුර නෑ කියා පුච්චයි..
January 19, 2022 at 12:00 pm | lanka C news
තමන් ජල බිල්පත කොටසක් ගෙවා තිබියදී දැනුම් දිමකින් තොරව ජල සම්බන්දතාවය විසන්ධි කළේ යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සඳහන් කරති.
තිස්සමහාරාම කාවන්තිස්සපුර පිහිටි විහාරස්ථානයේ ජල සැපයුම මෙසේ විසන්ධි කර ඇතැයි උන්වහන්සේ හම්බන්තොට ප්‍රාදේශීය ජල කලමනාකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතා විරෝධතා පැවැත්වූහ.
ජලය නැතිවීම හේතුවෙන් තමන් වහන්සේගේ සිවුරු පවා සෝදා ගැනීමට නොහැකි බව පවසමින් එම මණ්ඩලය ඉදිරිපිට දී සිවුරු කිහිපයක් ගිනි තැබීමට ද උන්වහන්සේ කටයුතු කරන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
—–
බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ තිස්සමහාරාම, කාවන්තිස්ස පුර, 111/ඒ දරණ ස්ථානයේ පිහිටි විහාරස්ථානය වෙනුවෙන් නියමාකාරයෙන් ජල බිල්පත් නොගෙවීම නිසා 2021 දෙසැම්බර් 24 දින වන විට රුපියල් 71,991.17 මුදල් එකතු වී තිබුනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිළිගත් ක්‍රමවේදයට අනුව අවස්ථා කීපයක දී මෙම හිඟ ජල බිල්පත් පියවීමට කටයුතු කරන ලෙස ගෞරවණීය ස්වාමීන් වහන්සේ වෙත දැනුම් දී තිබුනි.
පූජනීය ස්ථාන සඳහා ජල සැපයුම ලබාදෙන සහනදායී ගාස්තු ක්‍රමය මත මෙම විහාරස්ථානයට ද ජල සැපයුම ලබාදී ඇත.
රුපියල් පන්දහසකට වඩා ජල බිල්පත හිඟ වන අවස්ථාවේ දී ජල සැපයුම විසන්ධි කිරීමේ බලය ජල සම්පාදන මණ්ඩලයට නීත්‍යානුකූලව හිමිව ඇත.
එසේ වුවත් ප්‍රදේශයේ පූජනීය ස්ථානයක් වන බැවින් අවස්ථා කීපයකදීම ජලය විසන්ධි කිරීමක් නොකර මෙම බිල පියවීමට කටයුතු කරන මෙන් කාරුණිකව දැනුවත් කරන ලදී.
2022 ජනවාරි මස 13 වන දින රු.10,000.00 ක මුදලක් ගෙවු බවට ගෞරවණීය බත්තරමුල්ලේ සීලරතන හිමියන් දැනුම් දී ඇත. ඒ වන විට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර තිබුනි. (මෙම ගෙවනු ලැබුවේ යැයි පවසන මුදල ද 2022.01.18 වන දින වන විටත් ගිණුම් ගත වී නොතිබුනි.)
සම්පූර්ණ හිඟ ජල බිල්පත නොගෙවා ඉන් කොටසක් පමණක් ගෙවන අවස්ථාවන්හීදි නැවත ජල සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කරනු ලබන අතර ඒ සඳහා ඉදිරියේ දී ක්‍රමානුකූලව ජල බිල්පත ගෙවනු ලබන බවට ප්‍රකාශයක අත්සන් කළ යුතු වුවද ගෞරවණීය බත්තරමුල්ලේ සීලරතන හිමි එම ප්‍රකාශය සඳහා අත්සන් කිරීම ද ප්‍රතික්ෂේප කර ඇත.
එසේ වුවද මෙම ස්ථානය ගරු ස්වාමීන් වහන්සේලා වැඩ වසන විහාරස්ථානයක් වන බැවින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නියමයෙන් එදිනම නැවත ජල සැපයුම ලබාදීමට කටයුතු කරන ලදී.
රජයේ නිල නිවාස වල පදිංචිව සිටි හිඟ ජලබිල්පත් ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ එම හිඟ ජලබිල්පත්ද අයකර ගැනීමට මේ වන විට කටයුතු කර ගෙන යනු ලබන අතර මේ පිළිබඳව ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඉල්ලීමට අනුව බොහෝ මැති ඇමතිවරුන් ජලබිල්පත් ගෙවා ඇති බවද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.
මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර
අධ්යක්ෂ (මාධ්‍ය)
ජල සම්පාදන අමාත්‍යාංශය
Me mona wihiluwak da? Hamuduruwo siwra puchchala wirodatha karanne. Dan kisima vinayak kiyala deyak nah. Mama nayaka kiyala enna aya mewa balala me wage horu sasanen nerapanna epai. Buddagama mokakda kiyalawath danne nathi pal horu.
HAAMUDUWANEE KOO VINAYA??? KOO ANITHYA???
AI LINDAK NADDA??
SIWURA ISSARAHATA DAALA SIWURA MUWAAWEN KARANNA EPAA WIHILU….
WATHURA PAAWICHCHI KAROTH BOL GEWANNA…. DAANE HAMBA WENNE, NOMILEE.. DAANA WALATA GIYAAMA 25000 L GANNAWA NEEDA?!
WIHILU KARANNA EPAA HAAMUDURUWANEE…
Ministers also not paying water bills? Is it due to special privilege or not having money ?
යකෝ ජන්දේ ඉල්ලන්න සල්ලි තියනවා. වතුර බිල ගෙවාගන්න සල්ලි නෑ. වතුර සප්ලයි එක කැපුවා කියලා ඔහොම සිවුරු ගිනි තියලා කරන එක හාමුදුරුවන්ට ගැලපෙන දෙයක් නෙමේ.
Janadhipathi apekshakayek. Visandiya sadaranai. Gewan Aya kopamana sitinawada.
සීලරතන කියන්නෙ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි වගේ. මෙයා සිවුරු ගිනි තියලා හෙලුවෙං ඉඳගෙන නිඝණ්ඨයෙක් වෙන්න වගේ දත කන්නෙ. බිල් ගෙවන්න සල්ලි නෑ කියන්නෙ කොහොමද මෙයා. ජනපතිවරණෙට ඉල්ලන්නෙ විදේශ බලවේග වලින් ඩොලර් කුට්ට් පිටින් අරගෙන කියලා මෙයාගෙ අනුගාමිකයො කියනවලු නේද ?
Why did not CEB disconnect Keheliya Rabukwalla’s water. He did not pay for years and more than lacks of rupees.
One country One Law
”පූඡනිය සිවුරට ගිනිතබනා නපුසක නිඝන්ඨයා, වංචනිකයා මහමුහුදට , මෝය කටට.. දියබුං ගසා කිමිදීමට රැගෙන යායුතු කාළයයි,.!