බත් පාර්සල්, කිරි තේ, ප්ලේන්ටි මිල පාලනය රජයට බෑ.. නීතියක් නෑ..

April 30, 2018 at 4:40 pm | lanka C news
බත් පාර්සල්, කිරි තේ, ප්ලේන්ටි මිල පාලනය රජයට බෑ.. නීතියක් නෑ..

ජලය, විදුලිය, ගෑස්, ඉන්ධන මිල අඩු වැඩිවන අවස්ථාවල භාණ්ඩ මිල නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් වහා හදුන්වා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ගෑස් මිල ඉහළයාම නිසා බත් පාර්සලය රුපියල් 10 කින්ද කිරි තේ හා ප්ලේන්ටි හා පාන් මිල වැඩිකරන බව ව්‍යාපාරිකයින් පවසද්දී පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ එම භාණ්ඩ වල මිල වැඩිකිරීමට නොදෙන බවයි.එහෙත් බත් පාර්සල්, කිරි තේ හා ප්ලේන්ටි හා සදහා වර්තමානයේ පාලන මිලක් ක්‍රියාත්මක වන්නේ නැත. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රකාශයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කිරීම හාස්‍ය ජනකය.

අප රටේ විවිධ අවස්ථාවල  ජලය,විදුලිය, ගෑස්, ඉන්ධන,මිල අඩු වැඩි වී ඇත. මිලගණන් අඩුවන අවස්ථාවල භාණ්ඩ මිල අඩුකිරීමට ව්‍යාපාරිකයින් කටයුතු නොකරන අතර මිල ඉහල ගිය අවස්ථාවල භාණ්ඩ මිල වැඩි කිරීමට කටයුතු කරයි නම් රජය විසින් කලයුත්තේ ජලය,විදුලිය, ගෑස්, ඉන්ධන,මිල අඩු වැඩිවන අවස්ථාවල භාණ්ඩ මිල නියාමනය  කිරීමට ජාතික ප්‍රතිපත්තියක් වහා හදුන්වා දීම වන අතර අප පාරිභෝගික අධිකාරියෙන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අසන්නේ පාර්සල්, කිරි තේ හා ප්ලේන්ටි මිල ඉහල දැමීමට කටයුතු කරන විට එය නැවැත්වීම සදහා කටයුතු කරන්නේ කුමන නීතිය යටතේද යන්නයි. එසේ කිරීමට වර්තමානයේ නීතියක් නැත. නැතිනම් පාර්සල්, කිරි තේ හා ප්ලේන්ටි සදහා පලනමිලක් නැත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය මගින් ගම්‍ය වන්නේ ජලය,විදුලිය, ගෑස්, ඉන්ධන,මිල අඩු වැඩිවන අවස්ථාවල භාණ්ඩ මිල නියාමනය  කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.

මෙරට සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙන් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ජලය,විදුලිය, ගෑස්, ඉන්ධන,මිල අඩු වැඩිවන අවස්ථාවල භාණ්ඩ මිල නියාමනය  කිරීමට ජාතික ප්‍රතිපත්තියක් වහා හදුන්වා දෙන ලෙසය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

45 views

2 Comments to “බත් පාර්සල්, කිරි තේ, ප්ලේන්ටි මිල පාලනය රජයට බෑ.. නීතියක් නෑ..”

  1. ජයමල් says:

    රංජිත් විතානගේ කියන්නෙ නූගත් ටෙලිඩ්‍රාමා ටී බෝයි කෙනෙක්. මුන් ගෑස් මිළ අඩු කරපු කාලෙදි මිළ අඩු කිරීම් ගැන කිසිම කතාවක් කලේ නෑ.

  2. Upali says:

    රු 2400 දක්වා 12 කි ග්‍රැ සිලින්ඩරේ ඉහල අගයක තිබුනා . ඒ කාලෙ තිබුනු කෑම මිල දැන් වැඩි කරන්නෙ ඇයි, රු 1600 කට අඩු වෙලා තිබියදිත්. අපේ අලුතින් ඉතිරි අවුරුදු දෙකට පත් වෙන විද්‍යාත්මක ඇමති මේ ගැන විද්‍යාත්මකව හිතයි නේද.

Main News