බත් මුට්ටි සොරකම් වැඩිවෙයි..

July 23, 2022 at 12:40 pm | lanka C news

අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.

වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි පැවසෙන අතර බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසි වලට කරුණු වාර්තාවී ඇතත් විධිමත් ආකාරයට පැමිණිලි වශයෙන් තොරතුරු ඉදිරිපත්වී නැතැයිද දැනගන්නට ඇත.

එසේම සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධීන් දහස් ගණනක්ද මෑත කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

වෙළෙඳසල්වලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම වැඩිවී ඇති තත්වයක් පෙනෙන්නට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එසේම පිසින ලද ආහාර ද්‍රව්‍ය( බත් මුට්ටි වැනි ) සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක්ද පසුගිය දිනවල වාර්තාවිය.

වේල් තුන වෙනුවට එක් වේලක් හෝ උපරිම වශයෙන් දෙවේලක් ගන්නා පවුල් සංඛ්‍යාව උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් ලක්ෂ දහයක් දක්වා වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයකදී පසුගියදා තොරතුරු අනාවරණයවිය.

– ලංකාදීප

19,239 views

10 Comments to “බත් මුට්ටි සොරකම් වැඩිවෙයි..”

  1. Ranjanee says:

    ඉතින් ගෙවල්වල උයන්නේ මොකටද? අපි උයල කනවා යේ… online order කරලා කෑම ගෙදරටම ගෙන්නගත්තහම හරි නේ… කිසිම හොරකමක් සිද්දවෙන්නේ නැහැ..

  2. 3% ට බය බයියා. says:

    134 අංගොඩ කට්ටියට රජසැප .

  3. Gamarala says:

    වසර 74ක් මේ වසලයන් රටට කලේ කුමක්ද? මුන්ට හෙනම ගහන්න ඕනේ

  4. VADC says:

    සෞභාග්‍යයේ දැක්ම රෙස්පෙක්ට් ස’ 🙏

  5. Kure says:

    If this trend continues, there will be a day in future even your bath muttiya cannot be saved. Dr. E. W Adikaram in 1980.

    • Boo says:

      1980දි එයා කියන්න ඇත්තෙ JR ගෙ ක්‍රමය ගැන තමයි. කතාව ඇත්ත. හැබැයි අන්තිමට සේරම පවු හේදිලා ගියේ වෙන එකෙක්ගෙ පිටිනි.

      ඒකයි මට කනගාටූ,…//

  6. Boo says:

    ලොකු ප්‍රශ්න එකක් දෙකක් වෙනුවට පොඩි ප්‍රශ්න ගොඩක් සෑදීම මේ අවස්ථාවේ වඩා සුදුසුයි කියා උපදෙස් පිටින් ලැබී තියෙනවා කියලා ආරංචියි. මේක ඉන් එකක් පමනයි. හොඳට සෙට් කරලා තියලා හැංගිලා ඉඳලා අල්ලලා ගහක බැඳලා නෙලුවනං ඔය බත් මුට්ටි හොරැන්ගෙ ජෙපි පෙරෙටු සම්බන්ධකම් අල ගිය මුල ගිය තැන් හොයාගන්න පුලුවන්. අනික වැඩි පැහැදිලි විස්තර නැතුව පොලිසියට ලැබෙන පැමිනිලිත් ඒ විදිහට හදපු ඒවා පමනයි. පොලිස් පැමිනිලි වැඩි කලාම පොලිසියත් හිතනවා මේ මොන මගුලක්ද කියලා. එතකොට උන්වත් ආන්ඩුවට විරැද්ධ කරගන්න පුලුවන්. ඒක තමයි මෙතන යටි උපක්‍රමය. සමහරැ අහුවෙයි. ස්මාට් අය බේරෙයි.
    මේක මුල විතරයි. තව ප්‍රශ්න පෝලිමක්ම නිර්මානය කරමින් තියෙනවා.

  7. Kanchana says:

    88/89 අනුර කුමාර ශ්‍රීමතාණන්ගේ පාලන කාලෙත් බත් මුට්ටි හරියට එර්දිවෙලා තිබුනා.

  8. රජයෙ සේවකයන් says:

    තව අරගල කරන්න රටට කෙලවෙනකම් අරගල කරන්න ඊට පස්සෙ සහොදරය න් කන්න බොන්න ගෙනත් දෙයි,මොකද අනුර සහොදරය ජනපති උනාම ලු රටට ඩොලර් එවන්නෙ