බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

July 3, 2021 at 10:22 pm | lanka C news
බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකමක් ගත්තා කියලා සුරබිදෙන පහළ වෙන්නේ නෑ පහුවෙනිදා උදේට. මේ අර්බුදය අපේ රටේ රටැසියන්ට කියන්න ඕන. අද විශාල අර්බුදයක් රටේ තිබෙනවා.

අපේ රටේ ඩොලර් නෑ. මේ රටේ මිනිස්සුන්ට කියන්න පුළුවන් ඔබට දායක වෙන්න පුළුවන් කොහොමද මේ ආර්ථිකය ගොඩ ගන්න කියලා. මොකද මේකට අපි ඔක්කොටම මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.

මේ රටේ අර්බුදය කියලා. මෙන්න මේකයි අපි කරන්නේ කියලා කිව්වොත් ඒක සාධාරණයි කියලයි හිතන්නේ.

මේ ඇමතිධුර හැදුවේ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ ඇමතිධුරවලට මිනිස්සු පත් කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. රාජ්‍ය අමාත්‍යාංශ හැදුවේ බැසිල් රාජපක්ෂ මහතායි පී.බී. ජයසුන්දර මහතායි.

ඒවට අදාළ ඇමතිවරුත් පත්කළේ ඒ අය. මැටි ඇමතිකම්, ගම්මිරිස් ඇමතිකම් මට දීලා තියෙන බතික් විහිලු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමයි, පී.බී. ජයසුන්දර මැතිතුමයි.

අපිව වැඩක් ගන්නේ නැතිව පැත්තකට තියලා තියෙන්නෙත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි හැම කෙනෙක්ම. ඇමතිකම් දීමෙන් මේක තුරන් කරන්න බෑ. මේ කැබිනට් එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. පී.බී. ජයසුන්දර මැතිතුමාගෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙයි කැබිනට් මණ්ඩලයක් මේ තියෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කියන්නේ ඔබතුමත් එක්ක අපි වැඩ කරන්න ලෑස්තියි. ඔබතුමාට විශාල හැකියාවක් තිබෙනවා. උවමනාව් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාටත් ඒ හැකියාව තිබෙනවා. අපි එකතුවෙලා වැඩ කරමු.”

අත්සන් කරපු ගිවිසුම් පැත්තකට දාලා තියෙනවා. සංවිධායකවරු ගණන් ගන්නේ නෑ. මේ ආණ්ඩුව පත්කරපු නැති තැනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කර තිබෙනවා.”

– ADA

48,428 views

30 Comments to “බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..”

  1. රාජන් says:

    මුදල් ඇමතිකම් 30ක් හැදුවනං හරි !

  2. MD says:

    මෙයාල හොඳට හම්බකරගන්න පුලුවන් ආදායම් මාර්ගයක් අතහැරලා ලොකු වියදමක් කරල කට්ට කාලා මේ දියවන්නාවට ඵන්නෙ අපිට තියෙන හදවතින්ම ඵන ආදරය කරුණාව නිසාම නේ.ඵහෙම ආපු කෙනෙක්ට ජනතාවට උදව් කරන්න බතික් ඇමති කමක් විතරක් දුන්නහම කේන්ති යන ඵක සාධාරණයි.

  3. ටකරමා says:

    යකෝ යහපාලන අවලමුන් එක්ක එකතුවෙලා මේ රට විනාශයෙන් විනාශයට පත් කරපු තොපි හොද ඇමතිකම් ඉල්ලන්නෙ රෙදි ඇදගෙනද? කක්කුස්සි ඇමතිකම් දෙන්ඩ ඕන වේෂ බල්ලන්ට ඔහොමවත් දුන්න එක ගැන සතුටු වෙයල්ල. අකමැතිනම් පල පරණ සගයන් ලගට.

  4. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි යාළු මේ …ඔයැයිට ඇමති කං ඕනෙ සුරබිදෙනවල් සිරියහනට ගන්න ඕන නිසා බව අපි දන්නව !

  5. Ganganath says:

    Apith Gotha ekka innawa…
    Habai Meka thamai aththa kathandare…..
    Oya Proffecerlata mewa karanna baha. Un okkoma fail kiyala dan therenawa

  6. NAK says:

    ආයි අමුතුවෙන් විහිලුකාරයො කරන්න දෙයක් නෑ උඹලා යහපාලන කරත්තෙට නැග්ග දවසේ ඉදලා විහිලුකාරයො තමයි!

  7. Amda says:

    පරදිනකොට යහපාලනයට පැනලා..එතන බැරිවෙනකොට පොහොට්ටුවෙ එල්ලිලා..චන්දෙදී කෙල උනත් එතනත් ලොකු ටෝක්ස් දීලා විහිලු කාරයො උනේ කවුද?

    තමුන් එක ප්‍රතිපත්තියක ඉන්නවනම් කාටවත් බෑ තමුන්ව විහිලුකාරයෙකුට අන්දන්න

    ඒත් ඉතින් රෙදි දැක්කම දුවල ගිහින් ඇඳගන්නවනම් මොනව කරන්නද ..නේද?